මාලිමාව අද තංගල්ලෙන් මහ මැතිවරණ සටන අරඹයි

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැවැත්වෙන ජාතික ජන බලවේගයේ ජනරැළි මාලාවේ මංගල රැළිය අද (19) පැවැත්වෙනවා.

‘රට හදන අපි එකට මාලිමවට’ යන තේමාව කරගනිමින් තංගල්ල නගරයේ දී අද (19) පස්වරු 4.00ට මෙම මංගල රැළිය ආරම්භ වනවා.

මෙම ජන රැළිය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන බවයි වාර්තා වන්නේ.

ජාතික ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ට සහාය ලබාදීම වෙනුවෙන් පැවැත්වෙන මෙම ජනරැළි මාලාවේ දෙවැනි ජන රැලිය හෙට (20) කටුනායක, 18 කණුව ප්‍රදේශයේ දී පැවැත්වීමයි නියමිතව ඇත්තේ.

මීට අමතරව හෙට (20) පස්වරු 4.00ට හෝමාගම නගරයේ දී ද ජන රැළියක් පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
9
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?