එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්ට ඊශ්‍රායලය තහනම් – හිස්බුල්ලාගෙන් ප්‍රතිඥාවක් (නිවේදනය)

මින් ඉදිරියට කිසිදු ලෙසකින් ඊශ්‍රායලයට ඇතුල් වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් හට අවස්ථාවක් නොමැති බවට ඊශ්‍රායලය නිවේදනය කර තිබෙනවා.

ඊශ්‍රායලයේ විදේශ සබඳතා අමාත්‍ය Israel Katz සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් පැවසුවේ; ඊයේ (17) පස්වරුවේ ගාසා හි හමාස් නායක යාහ්‍යා සින්වාර් ඝාතනය කිරීමේ සිදුවීම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් තරයේ ප්‍රතික්ෂේප කරන ලද බවයි.

ගුටරෙස් තම රටට පසුගිය වසරේ ඔක්තෝබර් 07 වැනි දින එල්ල කළ මාරාන්තික ප්‍රහාරයෙන් පසුව හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස කරන ලද ඉල්ලීම ද ගුටරෙස් ප්‍රතික්ෂේප කළ බවටයි ඊශ්‍රායලය චෝදනා කරන්නේ.

එවන් පසුබිමක හමාස් හි ප්‍රබල නායකයෙකු වන සින්වාර්ව මරා දැමීම අගය නොකරන ගුටරෙස්ගේ ක්‍රියා පිළිවෙත දැඩිව විවේචනය කර ඇති ඊශ්‍රායලය පෙන්වා දෙන්නේ අන්තෝනියෝ ගුටරෙස් යනු අන්තවාදී ඊශ්‍රායල විරෝධියකු මෙන් ම යුදෙව් විරෝධී න්‍යායය පත්‍රයකට හෙතෙම කටයුතු කරන බවයි.

එබැවින් මින් ඉදිරියට අන්තෝනියෝ ගුටරෙස් යනු ඊශ්‍රායලය විසින් අක්‍රීය පුද්ගලයෙකු ලෙස සලකන බව ද එරට විදේශ අමාත්‍යවරයා නිකුත් කළ පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර ගාසා හි හමාස් නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් හිස්බුල්ලා සංවිධානය ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා.

ඒ මෙම සිදුවීම ඉදිරියේ දී ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් තීව්‍ර කිරීමට ප්‍රමුඛතම හේතුවක් විය හැකි බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58