එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්ට ඊශ්‍රායලය තහනම් – හිස්බුල්ලාගෙන් ප්‍රතිඥාවක් (නිවේදනය)

මින් ඉදිරියට කිසිදු ලෙසකින් ඊශ්‍රායලයට ඇතුල් වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් හට අවස්ථාවක් නොමැති බවට ඊශ්‍රායලය නිවේදනය කර තිබෙනවා.

ඊශ්‍රායලයේ විදේශ සබඳතා අමාත්‍ය Israel Katz සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් පැවසුවේ; ඊයේ (17) පස්වරුවේ ගාසා හි හමාස් නායක යාහ්‍යා සින්වාර් ඝාතනය කිරීමේ සිදුවීම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් තරයේ ප්‍රතික්ෂේප කරන ලද බවයි.

ගුටරෙස් තම රටට පසුගිය වසරේ ඔක්තෝබර් 07 වැනි දින එල්ල කළ මාරාන්තික ප්‍රහාරයෙන් පසුව හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස කරන ලද ඉල්ලීම ද ගුටරෙස් ප්‍රතික්ෂේප කළ බවටයි ඊශ්‍රායලය චෝදනා කරන්නේ.

එවන් පසුබිමක හමාස් හි ප්‍රබල නායකයෙකු වන සින්වාර්ව මරා දැමීම අගය නොකරන ගුටරෙස්ගේ ක්‍රියා පිළිවෙත දැඩිව විවේචනය කර ඇති ඊශ්‍රායලය පෙන්වා දෙන්නේ අන්තෝනියෝ ගුටරෙස් යනු අන්තවාදී ඊශ්‍රායල විරෝධියකු මෙන් ම යුදෙව් විරෝධී න්‍යායය පත්‍රයකට හෙතෙම කටයුතු කරන බවයි.

එබැවින් මින් ඉදිරියට අන්තෝනියෝ ගුටරෙස් යනු ඊශ්‍රායලය විසින් අක්‍රීය පුද්ගලයෙකු ලෙස සලකන බව ද එරට විදේශ අමාත්‍යවරයා නිකුත් කළ පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර ගාසා හි හමාස් නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් හිස්බුල්ලා සංවිධානය ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා.

ඒ මෙම සිදුවීම ඉදිරියේ දී ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් තීව්‍ර කිරීමට ප්‍රමුඛතම හේතුවක් විය හැකි බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?