ඩේල් ස්ටේන් සන්රයිසස් හයිද්‍රාබාද් පන්දු යැවීමේ පුහුණුකාරීත්වයට සමුදෙයි (නිවේදනය)

දකුණු අප්‍රිකාවෙන් බිහි වූ විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකු වන ඩේල් ස්ටේන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකාරීත්වයෙන් ඉවත් වන බවට නිල වශයෙන් දැනුම්දී තිබෙනවා.

X සටහනක් තබමින් ස්ටේන් පවසා ඇත්තේ 2022 වර්ෂයේ සිට තමන් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් කටයුතු කළ බවත්; ඔවුන් දුන් සහයෝගය අගය කරන බවයි.

නමුත් සිය පෞද්ගලික හේතූන් මත තමන් පන්දු යැවීමේ පුහුණුකාරීත්වයෙන් ඉල්ලා අස්වෙන බවටයි ඩේල් ස්ටේන් දැනුම්දී ඇත්තේ.

නමුත් ස්ටේන් දකුණු අප්‍රිකානු පන්දුවාර 20 සන්රයිසර්ස් ඊස්ටර්න් කේප් ෆ්‍රැන්චයිස් සමඟ දිගටම කටයුතු කරන බව ද දැනුම්දී තිබෙනවා.

ඒ අනුව 2025 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ හයිද්‍රාබාද් වෙනුවෙන් ස්ටේන් නොසිටිනු ඇති.

වරින් වර 2022 වසරේ සිට ඩේල් ස්ටේන් සිය පෞද්ගලික හේතූන් මත හයිද්‍රාබාද් පුහුණුකාරීත්වයෙන් ඉවත් වෙමින් කටයුතු කළ අතර මෙම වසරේ එහි ප්‍රධාන පුහුණුකාරීත්වය පන්දු යැවීම තුළ ගෙන කටයුතු කළේ හිටපු නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ෆ්‍රෑන්ක්ලින්.

ස්ටේන් යටතේ, ඊස්ටර්න් කේප් පළමු SA20 ශූරතා දෙක, 2023 සහ 2024 දී දිනා ගැනීමට ද සමත් වුණා.

ස්ටේන් IPL හි හයිද්‍රාබාද්, ‍රෝයල් චැලෙන්ජර්ස් බැන්ග්ලෝර් සහ දැනට නොමැති ගුජරාට් ලයන්ස් සහ ඩෙකෑන් චාර්ජර්ස් ඇතුළු කණ්ඩායම් ගණනාවක් නියෝජනය කර තිබෙනවා.

සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ හිටපු පන්දු යැවීමේ පුහුණුකරු වන ඩේල් ස්ටේන් තැබූ X සටහන පහතින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56