ඩේල් ස්ටේන් සන්රයිසස් හයිද්‍රාබාද් පන්දු යැවීමේ පුහුණුකාරීත්වයට සමුදෙයි (නිවේදනය)

දකුණු අප්‍රිකාවෙන් බිහි වූ විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකු වන ඩේල් ස්ටේන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකාරීත්වයෙන් ඉවත් වන බවට නිල වශයෙන් දැනුම්දී තිබෙනවා.

X සටහනක් තබමින් ස්ටේන් පවසා ඇත්තේ 2022 වර්ෂයේ සිට තමන් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් කටයුතු කළ බවත්; ඔවුන් දුන් සහයෝගය අගය කරන බවයි.

නමුත් සිය පෞද්ගලික හේතූන් මත තමන් පන්දු යැවීමේ පුහුණුකාරීත්වයෙන් ඉල්ලා අස්වෙන බවටයි ඩේල් ස්ටේන් දැනුම්දී ඇත්තේ.

නමුත් ස්ටේන් දකුණු අප්‍රිකානු පන්දුවාර 20 සන්රයිසර්ස් ඊස්ටර්න් කේප් ෆ්‍රැන්චයිස් සමඟ දිගටම කටයුතු කරන බව ද දැනුම්දී තිබෙනවා.

ඒ අනුව 2025 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ හයිද්‍රාබාද් වෙනුවෙන් ස්ටේන් නොසිටිනු ඇති.

වරින් වර 2022 වසරේ සිට ඩේල් ස්ටේන් සිය පෞද්ගලික හේතූන් මත හයිද්‍රාබාද් පුහුණුකාරීත්වයෙන් ඉවත් වෙමින් කටයුතු කළ අතර මෙම වසරේ එහි ප්‍රධාන පුහුණුකාරීත්වය පන්දු යැවීම තුළ ගෙන කටයුතු කළේ හිටපු නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ෆ්‍රෑන්ක්ලින්.

ස්ටේන් යටතේ, ඊස්ටර්න් කේප් පළමු SA20 ශූරතා දෙක, 2023 සහ 2024 දී දිනා ගැනීමට ද සමත් වුණා.

ස්ටේන් IPL හි හයිද්‍රාබාද්, ‍රෝයල් චැලෙන්ජර්ස් බැන්ග්ලෝර් සහ දැනට නොමැති ගුජරාට් ලයන්ස් සහ ඩෙකෑන් චාර්ජර්ස් ඇතුළු කණ්ඩායම් ගණනාවක් නියෝජනය කර තිබෙනවා.

සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ හිටපු පන්දු යැවීමේ පුහුණුකරු වන ඩේල් ස්ටේන් තැබූ X සටහන පහතින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00