AFC Banner
Empty Ad
Empty Ad

බෙන් ඩකට් එංගලන්තයේ පළමු ඉනිම ගොඩදමයි – අගනා ටෙස්ට් ශතකයකුත් ලියා ගනියි

පාකිස්තානය සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (16) අවසන් වන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 239ක් ලබාගෙන සිටිනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පිතිකරණය තෝරාගත් පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 366ක් ලබාගත් අතර මේ වනවිට ප්‍රතිවාදී එංගලන්තය පාකිස්තානයේ පළමු ඉනිමට වඩා ලකුණු 127ක් පසුපසින් සිටින්නේ තවත් කඩුලු 04ක් පමණක් අතැතිවයි.

මුල්තාන් නුවරදී පැවැත්වෙන දෙරට අතර තරගයේ දී පාකිස්තාන පළමු ඉනිම වෙනුවෙන් එංගලන්තයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනූ කම්‍රන් ගුලාම් මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 118ක් ලබා ගත්තා.

සයිම් අයුබ් ලකුණු 77ක් ද මොහොමඩ් රිස්වාන් ලකුණු 41ක් ද රැස් කළා.

පාකිස්තානයේ පළමු ඉනිමේ කඩුලු බිඳ දැමීමේ දී එංගලන්තයේ ජැක් ලීච් කඩුලු 04ක් ද, බ්‍රයිඩන් කාර්ස් කඩුලු 03ක් ද දවාගත් අතර මැතිව් පොට්ස් කඩුලු 02ක් සහ බෂීර් එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

සිය පළමු ඉනිම ඉන් අනතුරුව ඇරඹි එංගලන්තයේ මැද පෙළ එතරම් සවි නොවුණ ද, ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි බෙන් ඩකට් අද දිනයේ දී සිය සිව්වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේ ලකුණු 114ක් ලබා ගනිමින්.

ජෝයි රූට් ලකුණු 34යි.

ඔලී පොප්ගෙන් ලකුණු 29ක් ද සැක් ක්‍රෝලිගෙන් ලකුණු 27ක් එංගලන්තයේ ලකුණු පුවරුව වෙනුවෙන් එක් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී සජිඩ් ඛාන් කඩුලු 04ක් ද නෝමන් අලීගෙන් කඩුලු 02ක් ද පාකිස්තානයේ කඩුලු දඩයමට එක් වුණු අයුරු දක්නට ලැබුණා.

හෙට (17) තරගයේ තෙවැනි දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඇමතූ ජනපති අනුර
00:42
Video thumbnail
අමුතු අමුතු ටෙළි නාට්‍ය තියෙන්නේ - දමිතා එනවා නාහෙන් අඬනවාහඬ පටයක් දානවා
03:32
Video thumbnail
වසර 88කට පසුව රාජපක්ෂ පවුලේ එකෙක් ඉදිරිපත් නොවෙන එකම මැතිවරණය #rajapaksafamily
03:41
Video thumbnail
රට කාපු එවුන් කුජීත වීගෙන යනවා #akd #npp #ranilwickremesinghe #rajapaksafamily
04:56
Video thumbnail
ඉන්න ජනාධිපති එක්ක රට ගොඩගන්න එන සජිත් - ඒක කරන්න පුළුවන් සජබයට විතරයි
04:42
Video thumbnail
පුතාණෝ යළි වැඩ අරඹයි - "දක්ෂ පක්ෂ හපන්කම් තියෙන්නේ අපේ කණ්ඩායමට" #sjb #sajithpremadasa
04:47
Video thumbnail
මම විශ්‍රාම යන්නේ නෑ #shorts #1millionviews #mahindarajapaksha
00:08
Video thumbnail
වාහාම ඉන්ධන මිල සූත්‍රය සන්ශෝදනය කරන්න - අනන්ද පාලිතගෙන් ජනපති අනුරට ලොකු සද්දයක් #akd #npp
08:21
Video thumbnail
ග්‍රෑන්ඩ් පාස් සලිත කරමින් පත්තුවුණ වෙඩිල්ල
00:56
Video thumbnail
බලශක්ති අමාත්‍යාංශය ජනපති ගිහින් කරපු රංගනයට ආනන්ද පාලිතගෙන් සැර පිළිතුරු
04:58

?