AFC Banner
Empty Ad
Empty Ad

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වෙඩි තැබීමක් (වීඩියෝ)

කොළඹ – ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත පොදු සුසාන භූමිය අසල දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අද (16) පස්වරු 3ට මෙම වෙඩි තැබීම සිදු ව ඇති අතර ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුටයි මෙම වෙඩි තැබීම සිදු ව ඇත්තේ.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝල අවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වන මිහිජය සෙවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතකයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?