AFC Banner
Empty Ad
Empty Ad

සිසුවියක් කෙලෙසූ තරුණයෙක් සොයා විමර්ශන

අවුරුදු 15ක පාසල් සිසුවියක් දූෂණය කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පවසනවා.

සැකකරු ආරච්චිකට්ටුව, නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පඩුවන අයෙක් බවයි වාර්තා වන්නේ.

ඊයේ (12) අලුයම් කාලයේ කිසියම් අවශ්‍යතාවයක් සඳහා නිවසින් පිටතට පැමිණ අවස්ථාවේදී සැකකරු මෙම අපරාධය සිදුකර ඇති බව පොලිසියට ලද පැමිණිල්ලේ සඳහන්.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ආරච්චිකට්ටුව පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?