AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය කතුන්ගේ ප්‍රවේගකාරී ඉනිමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 173ක ඉලක්කයක්

පන්දුවාර 20-20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ A කාණ්ඩය යටතේ තවත් තීරණාත්මක තරගයක් අද (09) රාත්‍රියේදී ඩුබායි හි දී ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන අතර; ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ප්‍රතිවාදීන්ගෙන් ලකුණු 173ක
දැවැන්ත ඉලක්කයක් මීට ටික වේලාවකට පෙර හිමිවුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රීට් කෞර් පළමු ව පිතිකරණය තෝරාගත්තා.

සිය නායිකාවගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටු කරමින් ඉන්දීය ආරම්භක පිතිකාරිණියන් යුවළ වූ ශෆාලි වර්මා සහ ස්ම්‍රිති මන්දනා පළමු කඩුල්ල වෙනුවෙන් ශක්තිමත් ලකුණු 98ක සබඳතාවක් ගොඩනැගුවා.

මන්දනා සිය ජාත්‍යන්තර පන්දුවාර 20-20 පිටියේ 27 වැනි අර්ධ ශතකය ද ලබා ගත්තා.

මන්දනා දැවී ගියේ ලකුණු 50ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට ලක්වයි.

ඉන් අනතුරුව දෙවැනි කඩුල්ල ද එක ළඟ දැවී ගිය අතර ඊට ලකුණු 43ක් ලබා සිටි වර්මා හසුවුණේ චමරි යොමු කළ පන්දුවක් හේතුවෙන්.

තෙවැනි කඩුල්ලට පිටියට පිවිසි ජෙමිමා රොඩ්‍රිගස් ලකුණු 16ක් ලබා සිටියදී අමා කාංචනා යොමු කළ පන්දුවකට දැවී ගියා.

කෙසේවෙතත් ලකුණු පුවරුව අභියෝගාත්මක ලකුණු ප්‍රමාණයකට රැගෙන යමින් කඩුලු 03ක් පමණක් දැවී පන්දුවාර 20 අවසානයේ දී ඉන්දීය කණ්ඩායම කඩුලු 03 ක් දැවී ලකුණු
172ක් ලබා ගත්තා.

එහිදී නායිකා කෞර්ගේ පිතිහරඹය කැපී පෙනෙන සාධකයක් නිර්මාණය කළේ ඇය පන්දු 27කදී නොදැවී ලබාගත් ලකුණු 52ක හේතුවෙන්.

කෞර් එලෙස අද ලබාගත්තේ සිය ජාත්‍යන්තර පන්දුවාර 20-20 පිටියේ 13 වැනි අර්ධ ශතකයයි.

කඩුලු බිඳ දැමීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමරි අතපත්තු, අමා කාංචනා එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?