ඉන්දීය කතුන්ගේ ප්‍රවේගකාරී ඉනිමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 173ක ඉලක්කයක්

පන්දුවාර 20-20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ A කාණ්ඩය යටතේ තවත් තීරණාත්මක තරගයක් අද (09) රාත්‍රියේදී ඩුබායි හි දී ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන අතර; ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ප්‍රතිවාදීන්ගෙන් ලකුණු 173ක
දැවැන්ත ඉලක්කයක් මීට ටික වේලාවකට පෙර හිමිවුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රීට් කෞර් පළමු ව පිතිකරණය තෝරාගත්තා.

සිය නායිකාවගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටු කරමින් ඉන්දීය ආරම්භක පිතිකාරිණියන් යුවළ වූ ශෆාලි වර්මා සහ ස්ම්‍රිති මන්දනා පළමු කඩුල්ල වෙනුවෙන් ශක්තිමත් ලකුණු 98ක සබඳතාවක් ගොඩනැගුවා.

මන්දනා සිය ජාත්‍යන්තර පන්දුවාර 20-20 පිටියේ 27 වැනි අර්ධ ශතකය ද ලබා ගත්තා.

මන්දනා දැවී ගියේ ලකුණු 50ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට ලක්වයි.

ඉන් අනතුරුව දෙවැනි කඩුල්ල ද එක ළඟ දැවී ගිය අතර ඊට ලකුණු 43ක් ලබා සිටි වර්මා හසුවුණේ චමරි යොමු කළ පන්දුවක් හේතුවෙන්.

තෙවැනි කඩුල්ලට පිටියට පිවිසි ජෙමිමා රොඩ්‍රිගස් ලකුණු 16ක් ලබා සිටියදී අමා කාංචනා යොමු කළ පන්දුවකට දැවී ගියා.

කෙසේවෙතත් ලකුණු පුවරුව අභියෝගාත්මක ලකුණු ප්‍රමාණයකට රැගෙන යමින් කඩුලු 03ක් පමණක් දැවී පන්දුවාර 20 අවසානයේ දී ඉන්දීය කණ්ඩායම ලකුණු 172ක් ලබා ගත්තා.

එහිදී නායිකා කෞර්ගේ පිතිහරඹය කැපී පෙනෙන සාධකයක් නිර්මාණය කළේ ඇය පන්දු 27කදී නොදැවී ලබාගත් ලකුණු 52ක හේතුවෙන්.

කෞර් එලෙස අද ලබාගත්තේ සිය ජාත්‍යන්තර පන්දුවාර 20-20 පිටියේ 13 වැනි අර්ධ ශතකයයි.

කඩුලු බිඳ දැමීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමරි අතපත්තු, අමා කාංචනා එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14