AFC Banner
Empty Ad
Empty Ad

මෛත්‍රීපාල සිරිසේනත් සර්වජන බලය හා එක්වෙයි (වීඩියෝ)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහමැතිවරණයේ දී සිය පූර්ණ සහාය දිලිත් ජයවීර මහතාගේ සර්වජන බලය පක්ෂයට ලබා දීමට තීරණය කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (09) පස්වරුවේ සර්වජන බලය පක්ෂ මූලස්ථානයට පැමිණි අවස්ථාවේදීයි.

පසුගිය සතියේ දී සිය පුත්‍රයා වූ දහම් සිරිසේන ද සර්වජන බලය සමග අත්වැල් බැඳගත් බවත්; තාත්තාගේ අඩිපාරේ ම පුතා ගමන් කරන බවත්; ඒ වෙනුවෙන් තමන් සහාය දෙන බව ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය සම්බන්ධයෙන් තවමත් අධිකරණය තුළ නඩුවක් විභාග වෙමින් පවතින බවත්; එවන් පසුබිමක පක්ෂය විසිරී ගොස් ඇති බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

කුමන හෝ අවස්ථාවක පක්ෂයේ හිමිකාරිත්වය ගැන අධිකරණ තීන්දුව ලැබුණ ද; දිගටම තමන්ගේ සහාය සර්වජන බලයට ලබාදෙන බවයි හිටපු ජනාධිපතිවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?