සිහිබුද්ධියෙන් සිටි නිසා වැලකුණු 67 ලක්ෂයේ ගම්මිරිස් මංකොල්ලය

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි කර්මාන්තශාලාවක් මගින් ජර්මනිය වෙත අපනයනය කිරීම සඳහා ගුවන්තොටුපොළ පරිශ්‍රය වෙත ගෙන්වා, පසුව ගුවන් භාණ්ඩ පර්‍යන්තය වෙත රැගෙන යන මුවාවෙන් සොරාගෙන යමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ අද (08) දහවල් මෙම ගම්මිරිස් මංකොල්ලය වැටලූ බවත් එහිදී එක් සැකකරුවෙකු සමග ගම්මිරිස් මෙට්‍රික් ටොන් 03 ක් ද පොලිස් භාරයට ගැනුණු බවයි.

පොලිස් භාරයට ගැනුණු ගම්මිරිස් තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් හැටහත් ලක්ෂයක් වන බවටයි වාර්තා වන්නේ.

කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුව අත් අඩංගුවට ගනු ලැබුවා.

මහනුවර, උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ ගම්මිරිස් වගා කරන ගොවීන් පිරිසක්, සිය නෙලාගත් අස්වැන්න අලෙවි කර ගැනීම සඳහා ”ෆේස්බුක්” සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීමක් පළ කර ඇති බවයි සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි ව ඇත්තේ.

එය දුටු අම්පාර ප්‍රදේශයේ කාන්තාවක් එයට ප්‍රතිචාර පළ කරමින්, තමන් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි, ශ්‍රී ලංකාවෙන් ජර්මනිය වෙත කුළුබඩු අපනයනය කරන සමාගමක් බව පවසා, ගම්මිරිස් පරීක්ෂා කර බැලීමට තම සමාගමේ නියෝජිතවරයෙකු නොපමාව ඔවුන් වෙත එවන බව ප්‍රකාශ කර තිබෙනවා.

පසුව එම පුද්ගලයා ඊයේ (07) දින උඩුපුස්සැල්ලාව වෙත ගොස්, ගම්මිරිස් පරීක්ෂා කර , ඒවා වැඩිදුරටත් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය බව පවසා, ගම්මිරිස් කිලෝග්‍රෑම් එකක් එම ගොවීන්ගෙන් ලබාගෙන, ඔවුන්ට රුපියල් 10,000ක මුදලක් ද ලබා දී පැමිණ තිබෙන බවයි හෙළි ව ඇත්තේ.

ඉන් පැය කිහිපයකට පසුව යළිත් ගම්මිරිස් ගොවීන්ට අදාළ ව්‍යාපාරික යැයි පැවසූ කාන්තාවගෙන් දූරකථන ඇමතුමක් ලැබී ඇති අතර; තමන්ගේ කර්මාන්තශාලාව මෙම ගම්මිරිස් පරීක්ෂා කර බැලූ බවත්, ඒවා අපනයනය සඳහා සුදුසු මට්ටමක පවතින බවත්
පවසා තිබෙනවා.

එබැවින් එදින (07) රාත්‍රියේදීම ජර්මනිය වෙත කුළුබඩු ඇණවුමක් ගුවන්ගත කිරීමට නියමිත බැවින් වහාම ගම්මිරිස් කිලෝග්‍රෑම් 3,100ක් කටුනායක ගුවන් තොටුපොළ අබියසට රැගෙන එන ලෙසටයි ගොවීන්ට දැනුම්දී ඇත්තේ.

ඒ අනුව එම ගොවීන් පිරිස ලොරියක් මාර්ගයෙන් මෙම ගම්මිරිස් තොගය පටවාගෙන කටුනායක ගුවන් තොටුපොළ අසළට පැමිණ තිබූ අතර, එහිදී ඔවුන් වෙත “බෙන්ස්” වර්ගයේ මෝටර් රථයකින් පැමිණි, පුද්ගලයෙක් ඉංග්‍රීසි බසින් කතා කර තිබෙනවා.

එවිට ගොවීන් පවසා ඇත්තේ තමන් ඉංග්‍රීසි බස නොදන්නා බවයි.

පසුව අදාළ තරුණයා තමන් ජර්මනියේ සිට ගම්මිරිස් මිලට ගැනීමට මෙරටට පැමිණ සිටින බවත්; ගම්මිරිස් තොගය, ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන යා යුතු බවටත් දැනුම්දී තිබෙනවා.

ගොවීන් ගම්මිරිස් තොගය ලබාදෙමින්, මුදල් ලබා ගැනීමට සූදානම් වන විට මෙම තරුණයා තමන්ගේ ඩොලර් තොගයක් මාරුවීමට නියමිත බැවින්, මඳක් ඉවසා සිටින ලෙස පවසා , එතෙක් මෙම ගොවීන් පිරිස, අසළ චීන අවන්හලක් වෙත රැගෙන ගොස් කෑම පමණක් නොව, මත්පැන් ද යහමින් ලබා දී ඇති බවයි හෙළි ව ඇත්තේ.

මෙම ගොවීන් පිරිස ද ආගන්තුකයාගේ සංග්‍රහ සත්කාර ඉතා කල්පනාකාරීව භුක්ති විඳිමින්, මත් නොවී සිටීමට ද වග බලාගෙන තිබෙනවා.

කෙසේ හෝ මෙම සංග්‍රහය කරමින් මෙම තරුණයා, ගොවීන් පිරිස පැය 06 ක කාලයක් රස්තියාදු කරමින් තබාගෙන ඇති අතර, පසුව ඔහු මුදල් රැගෙන ඒමට යැයි පවසා, මෙම ගොවීන් පිරිස මගහැර පළා යාමට තැත් කිරීමේ දී; ඔහුව අල්ලා කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශය වෙත භාරදීමට පියවර ගැනුණා.

සැකකාර තරුණයා අම්පාර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකු වන අතර, ඔහු කුළී පදනම මත ලබාගත් ” බෙන්ස් ” මෝටර් රථයකින් මෙම වංචාව සිදු කිරීමට කටුනායක ප්‍රදේශය වෙත පැමිණ තිබෙනවා.

ඒ අනුව කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මෙම තරුණයා සමග සොරාගෙන යාමට තැත් කළ ගම්මිරිස් තොගය ද අත්අඩංගුවට ගෙන අද දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.

මෙම සොරා ගැනීමට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් ද සොයා කටුනායක පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
10
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32