AFC Banner
Empty Ad
Empty Ad

සාර්ක් අක්‍රීය කිරීම ගැන ජයිශංකර් පාකිස්තානයට චෝදනා කරයි

දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය (සාර්ක්) මුහුණදෙන අරගල සඳහා මූලික හේතුව පාකිස්තානය දකුණු ආසියාවේ දේශසීමා ත්‍රස්තවාදය පෝෂණය කිරීම බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් පවසනවා.

ජයිශංකර්ගේ විවේචනය පැමිණෙන්නේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුව සඳහා පකිස්තානයට පැමිණීමට නියමිතව ඇති පසුබිමකයි.

සාර්ක් සංවිධානයේ ප්‍රගතියට ඇති ප්‍රධාන බාධාව ලෙස දේශසීමා ත්‍රස්තවාදය සඳහන් කළ ඔහු, එක් සාමාජික රාජ්‍යයක් අවම වශයෙන් තවත් එක් සාමාජිකයෙකුට එරෙහිව දේශසීමා ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන බව පෙන්වා දුන්නා.

ජයිශංකර් නවදිල්ලියේ පැවති දේශනයක දී අවධාරණය කළේ සාර්ක් සමුළුව නොපැවැත්වුණ ද කලාපීය ක්‍රියාකාරකම් නතර වී ඇති බවක් එයින් අදහස් නොවන බවයි.

ගෙවී ගිය වසර 5ක කාලය තුළ ඉන්දීය උප මහාද්වීපයේ කලාපීය ඉන්දියාව මැදිහත් වූ ඒකාබද්ධතාවක් දැක ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

වර්තමානයේ බංග්ලාදේශය, නේපාලය, භූතානය, මියන්මාරය සහ ශ්‍රී ලංකාව වැනි රටවල මාර්ග සංවර්ධන ව්‍යාපෘති, යාත්‍රා සේවා ආරම්භ කිරීම, පොහොර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම වැනි අංශ කිහිපයක් ජයිශංකර් මතු කර දැක්වූවා.

අසල්වැසි රටවල ඒ සියල්ල සිදුවන්නේ අසල්වැසියා පළමුව යන ප්‍රතිපත්තිය මත බව එස් ජයිශංකර් අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?