අල්ලස් ගත් RMV ලොක්කා ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

බස් රථ 03ක පරම අයිතිය අයිතිකරු වෙත පවරාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු සැකකරුවන් තිදෙනෙක් මෙම 11 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) නියෝග කළා.

සැකකාර කොමසාරිස්වරයා සිද්ධියේ පැමිණිලිකරු සමග දුරකථනයෙන් කළ සංවාද ඇතුළත් හඬ පට තිබේ නම් ඒවා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද අධිකරණයෙන් නියම කරනු ලැබුවා.

එවැනි සංවාද ඇතුළත් හඩ පටයක් සිද්ධියේ විමර්ශනවල දී සොයාගෙන ඇති බවත්, එම හඬපට ඉදිරි නඩු වාරයේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අදාළ විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීමෙන් අනතුරුව එසේ නියම කළා.

එම දෙපාර්තමේන්තුවේ බස් රථ පැවරුම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වන සජිත් වසන්ත වෙල්ගම එහි ලිපිකරුවකු වන කේ.ජගත් ශාන්තප්‍රිය සහ එම දෙපාර්තමේන්තුවේ සේවයෙහි යෙදී සිටිය දී අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව පසුව තැ‍රැව්කරුවකු ලෙස කටයුතු කළ බව කියන මර්වින් ජයන්ත ප්‍රනාන්දු නමැති සැකකරුවන් තිදෙනෙකුයි එසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේ.

සැකකරුවන් පිරිස බස් රථයක පරම අයිතිය අයිතිකරු වෙත පවරාදීම සඳහා ඔහුගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා ඇති බවත් එය ලබාදීමට කැමැත්ත පළ කර ඇති පැමිණිලිකාර පුද්ගලයා ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත දැනුම්දී ඇති බව ද පැමිණිල්ල මෙහෙයවූ විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්නවා තිබුණා.

පසුව එම විමර්ශන නිලධාරීන්ගේ උපදෙස් අනුව පැමිණිලිකාර පුද්ගලයා අදාළ සැකකරුවන්ට එම මුදල් රුපියල් 48,000 සහ රුපියල් 150,000 වශයෙන් අවස්ථා දෙකක දී ලබාදුන් අවස්ථාවේ දී එසේ අත්අඩංගුවට ගෙන ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37