AFC Banner
Empty Ad
Empty Ad

පොහොර සහනාධාරය ලබන සතිය තුළ

ලබන සතිය තුළ ගොවීන්ගේ බැංකු ගිණුම්වලට පොහොර සහනාධාර මුදල් බැර කිරීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් අද (08) සඳහන් කළා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ඒ, අනුව හෙක්ටයාරයක් සඳහා රුපියල් 15,000ක මුදලක් ලබාදීමට නියමිතයි.

එම සහනාධාරය මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය මඩ පොහොර මිලදී ගැනීම වෙනුවෙන් භාවිත කිරීමට හැකියාව පවතිනවා.

මේ අතර ධීවරයින්ට හිමි ඉන්ධන සහනාධාරය ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?