AFC Banner
Empty Ad
Empty Ad

සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩ බලන්න අලුත් නිලධාරියෙක්

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බැලීම සඳහා ජනාධිපති අතිරේක ලේකම් ලෙස කටයුතු කරනු ලබන, දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණිය නිලධාරී යූ,ඩී.එන්. ජයවීර පත්කර තිබෙනවා.

එම පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමිව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර දැනට සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනමේ සේවය කරන ජේ.එම්. ගුණසිරි ගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අවසන් කිරීමට ද ජනධිපතිවරයා තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?