නෙළුම් කුලුනෙන් පැන්න සිසුවියගේ මිතුරිය සහ මිතුරාත් මීට පෙර සියදිවි නසාගෙන

ඊයේ (07) පස්වරුවේ කොළඹ නෙළුම් කුලුනෙන් පැන සියදිවි හානිකරගත් පාසල් සිසුවිය පිළිබඳව තවත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

කොළඹ ජාත්‍යන්තර පාසලක 11 වන වසරේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි මෙම සිසුවිය කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිසුවිය පසුගිය ජුලි මාසයේ දී කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ මහල් නිවාස සංකීර්ණයකින් පැන සිය දිවි හානිකරගත් පාසල් සිසුවාගේ සහ සිසුවියගේ මිතුරියක් බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනාගේ මරණවලින් පසු මෙම සිසුවිය ද දැඩි මානසික පීඩනයකින් සිටි බවයි ඇයගේ පියා විසින් පොලිසිය වෙත පවසා ඇත්තේ.

මෙම සිසුවිය ඊයේ (07) පාසල් නිමවීමෙන් පසු නෙළුම් කුලුන වෙත ගොස් එහි 29 වන මහලෙන් පැන ඇති බවයි පොලිසිය සදහන් කළේ.

29 වන මහලෙන් පැන්න සිසුවියගේ සිරුර 03 වන මහලේ තිබී සොයා ගැනුණු අතර, ඇය සියදිවි හානිකර ගැනීමට නෙළුම් කුලුන වෙත පැමිණෙන ආකාරය ආරක්ෂිත කැමරාවල ද සටහන් වී තිබෙනවා.

මේ අතර සිසුවියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27