හංවැල්ලේ ව්‍යාපාරිකයා ඝාතනය කළ වෙඩික්කරු අල්ලයි

හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පසුගිය 30 වනදා රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

බලංගොඩ ප්‍රදේශයේ සැඟව සිටිය දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මොහු යුද හමුදාවේ විශේෂ බලකායේ හිටපු සෙබළෙක් බවයි වාර්තා වන්නේ.

හංවැල්ල, දිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු අපරාධය සිදුකර බිරිඳගේ ගම් ප්‍රදේශයේ මෙලෙස සැඟව සිට තිබෙනවා.

වජිර නිශාන්ත නැමැති 55 හැවිරිදි හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් ලබානොදීමේ සිද්ධියක් මුල්කරගෙනයි.

ඩුබායිහී සැඟව සිටින ලලිත් කන්නංගර නමැති පාතාල කල්ලි සාමාජිකයා මෙම ඝාතනය මෙහෙයවා ඇති බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

ලලිත් කන්නංගර නමැත්තා මීට පෙර අවස්ථා ගණනාවකදීම ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලා ඇති අතර, එම මුදල් ලබානොදීම හේතුවෙන් ඔහුට සහ පවුලේ සාමාජිකයන්ට මරණ තර්ජන සිදුකර තිබුණා.

වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු නිවසෙහි වූ තාප්පයකින් පැන පැමිණෙන අයුරු සහ වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු පළා යන ආකාරය ද නිවසේ සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවල ද සටහන් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23