AFC Banner
Empty Ad
Empty Ad

හංවැල්ලේ ව්‍යාපාරිකයා ඝාතනය කළ වෙඩික්කරු අල්ලයි

හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පසුගිය 30 වනදා රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

බලංගොඩ ප්‍රදේශයේ සැඟව සිටිය දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මොහු යුද හමුදාවේ විශේෂ බලකායේ හිටපු සෙබළෙක් බවයි වාර්තා වන්නේ.

හංවැල්ල, දිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු අපරාධය සිදුකර බිරිඳගේ ගම් ප්‍රදේශයේ මෙලෙස සැඟව සිට තිබෙනවා.

වජිර නිශාන්ත නැමැති 55 හැවිරිදි හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් ලබානොදීමේ සිද්ධියක් මුල්කරගෙනයි.

ඩුබායිහී සැඟව සිටින ලලිත් කන්නංගර නමැති පාතාල කල්ලි සාමාජිකයා මෙම ඝාතනය මෙහෙයවා ඇති බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

ලලිත් කන්නංගර නමැත්තා මීට පෙර අවස්ථා ගණනාවකදීම ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලා ඇති අතර, එම මුදල් ලබානොදීම හේතුවෙන් ඔහුට සහ පවුලේ සාමාජිකයන්ට මරණ තර්ජන සිදුකර තිබුණා.

වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු නිවසෙහි වූ තාප්පයකින් පැන පැමිණෙන අයුරු සහ වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු පළා යන ආකාරය ද නිවසේ සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවල ද සටහන් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?