AFC Banner
Empty Ad
Empty Ad

ලක් රජය ලෝක බැංකුව සමග ගිවිසුම්ගත වෙයි

ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය නව ගිවිසුමකට එළැඹ තිබෙනවා.

දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ; අද (07) පෙරවරුවේ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ගිවිසුමකට ලක් රජය ලෝක බැංකුව සමග ගිවිසුම්ගත වූ බවයි.

මෙය 2022 දී ආරම්භ වූ කොටස් දෙකකින් යුත් වැඩසටහනක දෙවැනි අදියර ලෙසයි හිමිගැන්වෙන්නේ.

එහි පළමු කොටස වූ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක්, 2023 ජුනි සහ දෙසැම්බර් මාසවල දී මෙරටට හිමිවුණා.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ආර්ථික පාලනය වැඩිදියුණු කිරීම, වර්ධනය සහ තරඟකාරිත්වය වැඩිදියුණු කිරීම සහ දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම, ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට සහ සාධාරණ ආර්ථිකයක් පෝෂණය කරන ප්‍රතිසංස්කරණවලට සහාය වීම බවයි වාර්තා වන්නේ.

මෙකී වැඩසටහනේ කේන්ද්‍රීය අරමුණ වන්නේ දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම බව ද සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?