ගුරු දිනය වෙනුවෙන් ජනපතිවරයා සුබපැතුම් එක් කරයි

ගුරු දිනට වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

මෑත කාලයේ දියුණු වු සෑම රටකම දියුණුවේ ප්‍රධානතම කාර්යභාරය ඉටුකර තිබෙන්නේ අධ්‍යාපනය බවයි එහි ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙන්නේ.

එබැවින් රට ඉදිරියට ගෙන යමින් නව පුනරුදයක් ඇති කිරීමේ වැදගත්ම මෙවලම අධ්‍යාපනය බව අප රජය හඳුනාගෙන ඇති බවයි ජනාධිපතිවරයා සඳහන්කර ඇත්තේ.

එහි නියමු කාර්යභාර්‍යය පැවරී ඇත්තේ ආදරණීය ගුරුවරුන්ට වන අතර දරුවන් දැනුමෙන් පෝෂණය කිරීම ඔවුන් සතුව වන බවයි ජනපතිවරයා එම සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

WhatsApp Image 2024 10 06 at 16.50.19 1