දේශීය ආදායම් කොමසාරිස්වරයෙකුගේ වෙස්ගත් හිටපු කොස්තාපල් අත්අඩංගුවට

මහනුවර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ලෙස පෙනී සිටිමින් කිරිබත්කුඹුර ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන ආයතනයකට දුරකථනයෙන් අමතා මුදල් ඉල්ලූ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැඩ තහනමට ලක්ව සිටින මහනුවර පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ රාජකාරී කළ කොස්තාපල්වරායෙන් බවයි වාර්තා වුණේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලය වෙනත් ස්ථානයකට රැගෙන යාම හේතුවෙන් පවත්වන සාදයකට කෙටි ආහාර ලබාදෙන ලෙස සැකකරු මුලින් පවසා ඇති අතර, පසුව ඔහු නැවත දුරකථනයෙන් අමතා කෙටි ආහාර වෙනුවට මුදල් ලබාදෙන ලෙස බේකරි නිෂ්පාදන ආයතනයට දන්වා ඇති බව සඳහන්.

ඒ සඳහා ගිණුම් අංකයක් ද සැකකරු විසින් ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුට ලබාදී ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු මේ සම්බන්ධයෙන් මහනුවර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් අජිත් සිසිර කුමාර විසින් මේ සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුට ඇමැතුම ලබාදුන් ජංගම දුරකතන අංකය හා සැකකරුට අයත් බව කියන බැංකු ගිණුම් අංකය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ලබාගත් නියෝගයක් මත ජංගම දුරකතනයේ සහ බැංකු ගිණුම් අංකයේ හිමිකරු සොයා විමර්ශන අරඹා තිබෙනවා.

එහිදී පේරාදෙණිය පොලිස් වසමේ ඉහළකොබ්බෑකඩුව, යහලතැන්න ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ.

වැඩ තහනමට ලක්වීමෙන් පසු සැකකරු පුද්ගලික ආරක්ෂක අංශයකට සම්බන්ධ වී සේවය කරමින් සිට ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32