AFC Banner
Empty Ad
Empty Ad

හොරෙන් සුඛෝ­ප­භෝගී මෝටර් රථ මෙර­ටට ගෙන්වූ සැකකරුවන් දෙදෙනෙකුට නියෝග

රුපි­යල් කෝටි පන්සි­ය­යක බදු රජ­යට අහිමි කර­මින් රේගු­වට හොර රහසේ සුඛෝ­ප­භෝගී මෝටර් රථ මෙර­ටට ගෙන්වීමේ සිද්ධි­යට අදා­ළව සැක­ක­රු­වන් දෙදෙ­නෙකු සන්ත­කයේ තිබී අල්ලස් කොමි­සම විසින් සොයා­ගන්නා ලද ටොයෝටා වර්ගයේ ජීප් රථය වහාම අධි­ක­ර­ණ­යට භාර දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝගකර තිබෙනවා.

අමල් ක්‍රිශාන්ත දුමින්ද සහ රවීන්ද්‍ර විජේ­සූ­රිය යන සැක­ක­රු­වන් සන්ත­කයේ තිබී ටොයෝටා වර්ගයේ ජීප් රථ­යක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර තිබුණ ද එය සැක­ක­රු­වන් විසින් සඟවා තිබූ බව අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දීමෙන් පසු මෙම නියෝ­ගය සිදුකර තිබෙනවා.

එම ජීප් රථය අධි­ක­ර­ණ­යට සති දෙකක් ඇතු­ළත භාර දෙන ලෙසත්, රථය භාර දීමට නොහැකි නම් එහි වටි­නා­කම අනුව මුදල් අධි­ක­ර­ණ­යට භාර නොදු­න්නොත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝගකර තිබුණා.

මෙම ජීප් රථය රජ­යට භාර දුන් බව සැක­කරු වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යේදී මහේ­ස්ත්‍රා­ත්ව­ර­යාට දැනුම් දී තිබෙනවා.

එම අව­ස්ථා­වේදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා සඳ­හන් කරනු ලැබුවේ අදාළ වාහ­නය ලබා­දුන් බවට සඳ­හන් ලේඛ­න­යක් අධි­ක­ර­ණ­යට ලබා­නො­දීම නිසා එම සාක්ෂිය පිළි­ගැ­නී­මට නොහැකි බවයි.

එලෙස ආන­ය­නය කළ සුඛෝ­ප­භෝගී වාහන දෙසී­යක් අත­රින් මේ වන විට රජ­යට භාර දී ඇත්තේ වාහන විස්සක් පම­ණක් බවට අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­සමේ රහ­සි­ගත බුද්ධි විම­ර්ශන ඒක­කය ඉදි­රි­පත් කළ කරුණු සලකා බැලී­මෙන් පසුව ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා එසේ නියෝග කෙරුණා.

නඩුව කැඳවූ අව­ස්ථා­වේදී රහ­සි­ගත බුද්ධි ඒක­කය අත්අ­ඩං­ගු­වට ගන්නා ලද රුපි­යල් කෝටි හය­කට අධික වටි­නා­ක­මින් යුත් මිට්සු­බිසී වර්ගයේ ජීප් රථ­යක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබෙන බව ද මීට පෙර නඩු දින­ය­කදී අධි­ක­ර­ණ­යේදී සඳ­හන් වුණා.

2015 වර්ෂ­යෙන් පසුව සුඛෝ­ප­භෝගී ජීප් රථ හා වාහන ශ්‍රී ලංකා රේගු­වට හොර රහසේ ආන­ය­නය කර මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ දත්ත පද්ධ­ති­යට ව්‍යාජ තොර­තුරු ඇතු­ළත් කර­මින් 2005ට පෙර ආන­ය­නය කළ සාමාන්‍ය රථ වාහන ලෙස ලියා­ප­දිංචි කර ඇති සුඛෝ­ප­භෝගී වාහන දෙසී­යක් (200) අත්අ­ඩං­ගු­වට ගැනී­මට අල්ලස් කොමි­සම මඟින් විම­ර්ශන සිදු කරන අතර, එම වාහන වහාම රජ­යට භාර දෙන ලෙසට මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය මඟින් නිකුත් කළ නියෝග ප්‍රකා­රව මෙම සුඛෝ­ප­භෝගී ජීප් රථය ඊයේ (05) මහේ­ස්ත්‍රා­ත්ව­රයා වෙත ඉදි­රි­පත් කර තිබුණා.

කොමි­සම ඉදි­රි­පත් කළ කරුණු සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා රථ අත්අ­ඩං­ගු­වට ගැනීම මෙන්ම එලෙස රජ­යට පාඩු කළ සැක­ක­රු­වන් ද වහා
අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරීම කොමි­සම සතු වග­කීම බව පෙන්වා දෙමින් සැක­ක­රු­වන්ද අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙසට නියෝග කළා.

ඒ අනුව ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා අදාළ රථය නීත්‍ය­නු­කූ­ලව ක්‍රියා­දාම කිරී­මට ශ්‍රී ලංකා රේගු­වට භාර දෙන ලෙසට නියෝග කර­මින් සෙසු වාහන සම්බ­න්ධ­යෙන් විම­ර්ශන ප්‍රග­තිය ලබන 25 වනදා කිරී­මට නියෝග කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?