AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රබල සංවිධානාත්ම අපරාධකරුවෙකුගේ ගෝලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් මෙරට අපරාධ රැල්ල සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන මනුෂ්‍ය ඝාතන සහ කප්පම් ලබා ගනිමින් පූගොඩ සහ හංවැල්ල ප්‍රදෙශයන් භීතියට පත් කල ප්‍රබල සංවිධානාත්ම අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ලලිත් කන්නංගරගේ ප්‍රධානම ගෝලයින් දෙදෙනා ගිනි අවි, තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍ය සමගින් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුව පත්ව තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර හා විශේෂ කාර්ය බලකාය පසු මූල ස්ථානය සහකාර පොලිස් අධිකාරී ජයවර්ධන මහතාගේ අධීක්ෂණය මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී තිබෙනවා.

මෙහි එක් සැකකරුවෙක් වන ඉරේෂ් නැමැත්තා විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 ක්, කඩුවක් හා ජංගම දුරකථනයක් සමග හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

අනෙක් සැකකරු වන කඩුගොඩ ඉන්දික නැමැත්තා බෝර 12 ගිනි අවියක් හා එම උණ්ඩ 06ක්, හෙරොයින් ග්‍රෑම් 13.6 ක්, නීති විරෝධී මත්පැන් ලීටර් 10ක් ගෝඩා ලීටර් 1174 ක් දැවි ගෝඩා ලීටර් 1016 ක් ගෑස් සිලින්ඩරයක් හා තඹ දඟර 02ක් ජාවාරමින් උපයාගත් රු. 20000.00 ක මුදලක් ද සමග වැලිකන්න, ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා ඩුබායි රාජ්‍යයේ සැගව සිටිමින් හංවැල්ල ප්‍රදේශයේ භීෂණය පතුරමින් කප්පම් ගනිමින් මනුෂ්‍ය ඝාතන සිදුකරමින් මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ලලිත් කන්නංගර නැමැත්තාගේ සමිපතමයන් දෙදෙනෙකු ලෙස හදුනාගෙන ඇති බව සඳහන්.

2023 වර්ෂයේ දෙසැම්බ‍ර් 25 වන දින පාතාල සාමාජිකයෙකු වන මන්න රොෂාන් සහ මෙම වර්ෂයේ මාර්තු මස 04වන දින මන්න රෝෂාන්ගේ සොහොයුරා වන මධුරංග ඝාතනය කිරීම මෙන්ම හංවැල්ල ප්‍රදේශයම භීතියට පත්කරමින් කෝටිපති ව්‍යාපාරික බස් වජිර නොහොත් වජිර නිශාන්ත නැමැත්තා ඝාතනය යන සිදුවීම් සඳහා ලලිත් කන්නංගර නැමැත්තා සෘජුවම සම්බන්ධ බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව විශේෂ කාර්ය බලකාය විදේශයන්හි සැඟව සිටිමින් සංවිධානාත්මක අපරාධ කරුවන් හා මත්දුව්‍ය ජාවාරම් කරුවන් විසින් මෙහෙයවන මෙරට අපරාධ රැල්ල සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන සැකකරුවන්, ගිනිඅවි සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම තුලින් මෙරට සිදුවන අපරාධ වලට තිත තැබීමට සහ නීතිය හා සාමය පවත්වාගෙන යාමට ඉමහත් කැපවීමෙන් ක්‍රියා කරන බව පෙනී යනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?