AFC Banner
Empty Ad
Empty Ad

අල්ලස් ගත් නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු තිදෙනා අධිකරණයට

බස්රථ තුනක පරම අයිතිය අයිතිකරු වෙත පවරාදීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් ලෙස ලබාගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් ඇතුළු තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරින් විසින් ඊයේ (04) සවස අත්අඩංගුවට ගෙන අද (05) දින අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරියේදී ඉදිරිපත් කර තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලොරි හා බස් රථ පැවරුම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස් සජිත් වසන්ත වෙල්ගම සහ විෂය ලිපිකරුවකු ලෙස කටයුතු කරනු ලැබූ කරුණාදිපතිලාගේ ජගත් ශාන්තප්‍රිය යන සංවර්ධන නිලධාරීවරයා සහ පෙර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකු ලෙස සේවය කර අල්ලස් චෝදනා මත වැඩ තහනමට ලක් වී ඉන් අනතුරුව තැරැව්කරුවෙකු ලෙස කටයුතු කළ මුතු තන්ත්‍රිගේ මර්වින් ජයන්ත ප්‍රනාන්දු යන තිදෙනා මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදල අවස්ථා දෙකකදී එනම් එක් අවස්ථාවකදී රුපියල් 48000කුත් අනෙක් අවස්ථාවේදී රුපියල් 150000 මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී මෙම තිදෙනා අත්අඩංගුවට පත් වී තිබෙනවා.

කරුණු සලකා බැලූ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා සැකකරුවන් ලබන 8වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් එක්ක අලුතින් එකතු වෙන හිටපු ප්‍රබල ඇමතිවරු මෙන්න
07:32
Video thumbnail
ඉන්දික අනුරුද්ධ ජනපති අනුරට එරෙහිව දුම්මල වරම අතට ගනී
06:59
Video thumbnail
මාධ්‍ය හමුව මැද හර්ෂ යකා නටන්න පටන් ගනී
03:01
Video thumbnail
හර්ෂගෙන් ජනපති අනුරට බැණුම් කෝටියයි - කිව්වෙ එකක් - කරන්නෙ එකක් #anurakumaradissanayake #npp
03:48
Video thumbnail
ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමිවරුන්ට කියපු දේ
02:13
Video thumbnail
5 ශිෂ්‍යත්ව විභාගය අවුල් කරපු - කිහිප දෙනෙකුට වැඩ වරදී - පොලීසියෙන් කළ විශේෂ ප්‍රකාශයක්
04:29
Video thumbnail
ජනපති අනුරට එදා පලු යනකම් බැනපු මිනිස්සු එක්ක ජනපති අනුර පන්සල් යයි
02:01
Video thumbnail
වසර 19කට පසුව ජනපති ජනතාවට විවෘත කළ පාර - "අපේ ඊලඟ කතිරෙත් මාලිමාවට"
02:24
Video thumbnail
මාලිමාවට එන කවුරුත් ගන්නේ නෑ - "සොරි මහත්වරුණි" - මාලිමාව එක්ක ජනතාව අත්වැල් බැඳගෙන ඉවරයි #npp
03:09
Video thumbnail
🛑Breaking News - ජනපති අනුර අමරපුර මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දකී.#akd #npp
04:46

?