AFC Banner
Empty Ad
Empty Ad

T20 කාන්තා ලෝක කුසලානය ආරම්භ කරමින් බංග්ලාදේශයට කාසියේ වාසිය

පන්දුවාර 20 කාන්තා ලෝක කුසලානය ආරම්භ කරමින් පළමු තරගයේ කාසියේ වාසිය දිනාගන්නට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

අද (03) තරගය බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවරදීයි.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායිකා නිගර් සුල්තනා ජොටි පළමුව පිතිකරණය තෝරාගත්තා.

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අවස්ථා 05ක දී මුණ ගැසී ඇති අතර එම තරග 05 ම ජය ගෙන ඇත්තේ බංග්ලාදේශ කණ්ඩායමයි.

අද තරගය දෙපිළේ ම හයවැනි හමුවීම ද වනවා.

Kathryn Bryce විසින් ස්කොට්ලන්ත කණ්ඩායම මෙහෙයවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?