AFC Banner
Empty Ad
Empty Ad

රටවල් 10ක රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක්

පකිස්ථානයේ ස්වැට් දිස්ත්‍රික්කයට පැමිණි විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ රථ පෙළක් ඉලක්ක කරගනිමින් බෝම්බයක් පුපුරුවා හැරීමෙන් අවම වශයෙන් එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු ව තිබෙනවා.

මිය ගොස් ඇත්තේ සහ තුවාල ලැබුවේ රාජ්‍ය තාන්ත්‍රිකයන් කැඳවාගෙන පැමිණි පෙර ගමන් රථයක සිටි පොලිස් නිලධාරීන් බව කේපී හි පොලිසිය පැවසුවා.

සියලුම විදේශීය ප්‍රභූවරුන්ට හානියක් නොවූ බව ඔවුහු සඳහන් කළා.

විදේශිකයන් රුසියාව, පෘතුගාලය, ඉරානය, ඉන්දුනීසියාව, කසකස්තානය, ටජිකිස්තානය, රුවන්ඩාව, සිම්බාබ්වේ, ටර්ක්මෙනිස්තානය, වියට්නාමය සහ බොස්නියාව යන රටවල තානාපතිවරු වනවා.

සවස් වරුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් පකිස්ථාන විදේශ අමාත්‍යාංශය වාර්තා කළේ “රාජ්‍ය තාන්ත්‍රිකයින් කණ්ඩායම ආරක්ෂිතව ඉස්ලාමාබාද් වෙත ආපසු පැමිණ ඇති” බවයි.

එමෙන්ම අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ කාර්යාලය ප්‍රකාශ කළේ ප්‍රහාරය “බියගුලු ත්‍රස්තවාදී” ක්‍රියාවක් ලෙස හෙළා දකින බවයි.

ටෙරික්-ඉ-තලෙයිබාන් මීට පෙර බලකොටුවක් වූ ස්වැට් හි ඉරිදා සිදු වූ ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාර ගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?