රටවල් 10ක රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉලක්ක කර පාකිස්තානයේ දී බෝම්බ ප්‍රහාරයක්

පකිස්ථානයේ ස්වැට් දිස්ත්‍රික්කයට පැමිණි විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ රථ පෙළක් ඉලක්ක කරගනිමින් බෝම්බයක් පුපුරුවා හැරීමෙන් අවම වශයෙන් එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු ව තිබෙනවා.

මිය ගොස් ඇත්තේ සහ තුවාල ලැබුවේ රාජ්‍ය තාන්ත්‍රිකයන් කැඳවාගෙන පැමිණි පෙර ගමන් රථයක සිටි පොලිස් නිලධාරීන් බව කේපී හි පොලිසිය පැවසුවා.

සියලුම විදේශීය ප්‍රභූවරුන්ට හානියක් නොවූ බව ඔවුහු සඳහන් කළා.

විදේශිකයන් රුසියාව, පෘතුගාලය, ඉරානය, ඉන්දුනීසියාව, කසකස්තානය, ටජිකිස්තානය, රුවන්ඩාව, සිම්බාබ්වේ, ටර්ක්මෙනිස්තානය, වියට්නාමය සහ බොස්නියාව යන රටවල තානාපතිවරු වනවා.

සවස් වරුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් පකිස්ථාන විදේශ අමාත්‍යාංශය වාර්තා කළේ “රාජ්‍ය තාන්ත්‍රිකයින් කණ්ඩායම ආරක්ෂිතව ඉස්ලාමාබාද් වෙත ආපසු පැමිණ ඇති” බවයි.

එමෙන්ම අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ කාර්යාලය ප්‍රකාශ කළේ ප්‍රහාරය “බියගුලු ත්‍රස්තවාදී” ක්‍රියාවක් ලෙස හෙළා දකින බවයි.

ටෙරික්-ඉ-තලෙයිබාන් මීට පෙර බලකොටුවක් වූ ස්වැට් හි ඉරිදා සිදු වූ ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාර ගෙන නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15