කෙසෙල්වත්ත OIC ට දූරකථනයෙන් බැණ වැදුණු සැකකරු වහාම අත්අඩංගුවට ගන්න නියෝගයක්

නීතිපති දෙපාර්තමේන්තුවේ වාහන අංගනයේ නවතා තිබූ මෝටර් රථයක් සිය නිවස වෙත රැගෙන ගිය බව කියන එහි පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් දෙදෙනො අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් බැණ තර්ජනය කළ බව කියන සැකකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කෙසෙල්වත්ත පොලිසියට අද (01) නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; එම සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයෙකු කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් බැණ තර්ජනය කර ඇති බවත් ඊට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බවට එහි විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීමකින් අනතුරුව අධිකරණයෙන් අදාළ නියෝගය නිකුත් කරන ලද බවයි.

සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් මෙම මස 15 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන අමිල නුවන් හා කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි සුනිල් රත්නායක නමැති සැකකරුවන් දෙදෙනෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සැකකරුවන් දෙදෙනා එම දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අංශයේ සේවය කරන බවත් එක් අයකු එහි ආරක්ෂක අංශ ස්ථානාධිපතිවරයා වශයෙන් හා සෙසු පුද්ගලයා එහි ආරක්ෂක කළමනාකරුවෙකු වශයෙන් කටයුතු කරන බවයි.

නුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම පුද්ගලයන් දෙදෙනා පසුගිය දිනක එම දෙපාර්තමේන්තුවේ තිබූ වාහනයක් කිසිවෙකුගේ අනුමැතියකින් තොරව සිය නිවෙස් වෙත රැගෙන ගොස් දින තුනකට පසුව නැවත එම දෙපාර්තමේන්තුව වෙත රැගෙන එන අවස්ථාවේදී කෙසෙල් වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ද විමර්ශන නිලධාරීන්ට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48