AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ හමාස් නායකයා ඇතුළු සිව්දෙනෙකු මරුට

ඊශ්‍රායලය අද (30) එල්ල කළ ප්‍රහාරවලින් ලෙබනනයේ සිටි හමාස් නායකයා සහ තවත් පලස්තීන නායකයින් තිදෙනකු මියගොස් ඇති බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.

මෙම ඝාතන ලෙබනනයේ අගනුවර වන බේරූට්හිදීයි සිදු ව ඇත්තේ.

අද දිනයේ දී පලස්තීන හමාස් සටන්කාමීන් නිවේදනය කළේ සිය ලෙබනන් නායකයා ජීවිතක්ෂයට පත් වූ බවයි.

එමෙන්ම ඊශ්‍රායලය සිය අගනුවර තුළ එල්ල කළ පළමු ප්‍රහාරයෙන් නායකයින් තිදෙනකු ද මියගොස් ඇති බව පලස්තීන සටන්කාමීන් පැවසුවා.

අද අලුයම මෙම ප්‍රහාර එල්ල වී ඇත්තේ දකුණු ටයර් නගරයේ පලස්තීන සරණාගත කඳවුරක පිහිටි ඔවුන්ගේ නිවාස ඉලක්ක කරගෙනයි.

එහිදී ලෙබනනයේ හමාස් නායක ෆතේ ෂෙරිෆ් අබු එල්-අමින්, ඔහුගේ බිරිඳ, පුතා සහ දියණිය ජීවිතක්ෂයට පත් ව ඇති බවත් හමාස් සංවිධානය වැඩිදුරටත් සනාථ කර තිබෙනවා.

පලස්තීනයේ විමුක්තිය සඳහා වූ ජනප්‍රිය පෙරමුණ (PFLP) පැවසුවේ බේරූට් හි කෝලා දිස්ත්‍රික්කය ඉලක්ක කරගත් ප්‍රහාරයකින් එහි නායකයින් තිදෙනෙකු මිය ගිය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?