ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ හමාස් නායකයා ඇතුළු සිව්දෙනෙකු මරුට

ඊශ්‍රායලය අද (30) එල්ල කළ ප්‍රහාරවලින් ලෙබනනයේ සිටි හමාස් නායකයා සහ තවත් පලස්තීන නායකයින් තිදෙනකු මියගොස් ඇති බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.

මෙම ඝාතන ලෙබනනයේ අගනුවර වන බේරූට්හිදීයි සිදු ව ඇත්තේ.

අද දිනයේ දී පලස්තීන හමාස් සටන්කාමීන් නිවේදනය කළේ සිය ලෙබනන් නායකයා ජීවිතක්ෂයට පත් වූ බවයි.

එමෙන්ම ඊශ්‍රායලය සිය අගනුවර තුළ එල්ල කළ පළමු ප්‍රහාරයෙන් නායකයින් තිදෙනකු ද මියගොස් ඇති බව පලස්තීන සටන්කාමීන් පැවසුවා.

අද අලුයම මෙම ප්‍රහාර එල්ල වී ඇත්තේ දකුණු ටයර් නගරයේ පලස්තීන සරණාගත කඳවුරක පිහිටි ඔවුන්ගේ නිවාස ඉලක්ක කරගෙනයි.

එහිදී ලෙබනනයේ හමාස් නායක ෆතේ ෂෙරිෆ් අබු එල්-අමින්, ඔහුගේ බිරිඳ, පුතා සහ දියණිය ජීවිතක්ෂයට පත් ව ඇති බවත් හමාස් සංවිධානය වැඩිදුරටත් සනාථ කර තිබෙනවා.

පලස්තීනයේ විමුක්තිය සඳහා වූ ජනප්‍රිය පෙරමුණ (PFLP) පැවසුවේ බේරූට් හි කෝලා දිස්ත්‍රික්කය ඉලක්ක කරගත් ප්‍රහාරයකින් එහි නායකයින් තිදෙනෙකු මිය ගිය බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39