AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක්

ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද (30) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමේ තීරණය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වුණා.

මෙම තීරණයෙන් පසු හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ඇතැම් පාර්ශ්ව තම ආරක්ෂාව පිළිබඳව දැනුම් දී ඇති අතර, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට අද දිනයේ මෙම සාකච්ඡාව කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?