AFC Banner
Empty Ad
Empty Ad

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විය ඔහු 74 හැවිරිදි වියේ පසු වුණා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

හිටපු අමාත්‍ය වෙල්ගම 1984 සිට 2000 දක්වා අගලවත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ අතර,2007 සිට 2010 දක්වා කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

2010 වසරේ සිට 2015 මුල් භාගය දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රජයන්හි ප්‍රවාහන අමාත්‍යවරයා ධුරයේ කටයුතු කළේ කුමාර වෙල්ගමයි.

2019 වසර දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකුව සිටි ඔහු ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහාය දීමෙන් පසු පක්ෂයෙන් ඉවත් වුණා.

අනතුරුව නව ලංකා නිදහස් පක්ෂය නමින් නව පක්ෂයක් ආරම්භ කළ ඔහු, 2020 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයට සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේග සන්ධානයට එක්ව තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
12
+1
0
+1
28
+1
3
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?