කුසල් මෙන්ඩිස්ගෙන් සුපිරි ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 10 වන ශතකය වාර්තා කරන්නට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

සංචාරක නවසීලන්තය සමඟ මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔහු මෙම ශතකය රැස් කළා.

මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකාව මේ වනවිට කඩුලු 05ක් දැවී ලකුණු 592ක් ලබාගෙන ප්‍රබල තැනක පසුවනවා.

මේ අතර 2020 වසරේ සිට මේ දකවා ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ දී වැඩිම ඉනිම් සංඛ්‍යාවක දී ලකුණු 500 සීමාව ඉක්මවා ගිය රට බවට ශ්‍රී ලංකාව අද පත් වුණා.

ඒ, අනුව ශ්‍රී ලංකාව අවස්ථා 08ක දී ලකුණු 500ට වඩා රැස්කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?