AFC Banner
Empty Ad
Empty Ad

චෙන්නායි තරුව බ්‍රාවෝ කොල්කටා නයිට් රයිඩර්ස් උපදේශක තනතුරට

කොල්කටා නයිට් රයිඩර්ස් ෆ්‍රැන්චයිස් සඳහා නව උපදේශකයා ලෙස හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ පත්කර ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ඩ්වේන් බ්‍රාවෝ 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී එම තනතුරේ වැඩ ආරම්භ කරනු ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ආබාධයක් හේතුවෙන් ඔහු මේ වනවිට ක්‍රියාත්මක කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්ව සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවන්ගෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර පැය කිහිපයකට පසු කොල්කටා කණ්ඩායම සමඟ මෙම නව ගිවිසුමට එළඹ ඇති බවයි වාර්තා වුණේ.

කොල්කටා නයිට් රයිඩර්ස් උපදේශක ලෙස කටයුතු කළ ගෞතම් ගාම්භීර් එම තනතුරින් ඉවත් වී ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්වීමෙන් පසු එම නයිට් රයිඩර්ස් උපදේශක තනතුර පුරප්පාඩුව පැවතියා.

ඩ්වේන් බ්‍රාවෝ 2024 අයි.පී.එල් තරගවාරයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, දීර්ඝ කාලයක් චෙන්නායි කණ්ඩායමේ නිත්‍ය තුන් ඉරියව් ක්‍රීඩකයා බවට ද ඔහු පත්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🛑Breaking News - තව පැය 48කින් බළ පෙරළියක් #sjb #unp #npp #brekingnews
Video thumbnail
බෙරිහන් දීපු හරීන් - සජබය සමග දීගෙක - මේ මිනිස්සු කටින්ද මේ කතා කරන්නේ ?#harinfernando #sjb
04:04
Video thumbnail
සජබ මුල් පුටු රැසක් කනපිට ගසයි #sajithpremadasa
01:25
Video thumbnail
පොලීසියේ ඩියුටිය ඉල්ලුවේ - දැන් පුළුවන් හොරු අල්ලන්න - මාලිමාවට සුළුතර බලයක් දෙන්න
02:20
Video thumbnail
🛑Breaking News - රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හදීසියේ සියළු දෙනා රැස්වෙයි #brekingnews #ranil
01:54
Video thumbnail
අනුර කුමාර කියන්නේ හොඳ කතිකයෙක් - විනාඩි 10ක් විතර කොළයක් බලාගෙන මොනවද ඒ කරේඑ#akd #sjb
02:07
Video thumbnail
කාළගුණය කැළඹෙයි - අකුණු අවධානමකුත් - අවධානයෙන් ඉන්න #whether #badweather
01:49
Video thumbnail
තාඹුගල අධිකරණය ඉදිරියේ සංවේදී වී කිව්ව කතාව...
02:33
Video thumbnail
අවුරුදු අසූදාහකට පසු - වල්ගාතරුවක් අද දිස්වෙයි #comet
02:19
Video thumbnail
අධිකරණයට අපු තාඹුගල මාධ්‍ය සමග ගැටෙයි...
02:01

?