චෙන්නායි තරුව බ්‍රාවෝ කොල්කටා නයිට් රයිඩර්ස් උපදේශක තනතුරට

කොල්කටා නයිට් රයිඩර්ස් ෆ්‍රැන්චයිස් සඳහා නව උපදේශකයා ලෙස හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ පත්කර ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ඩ්වේන් බ්‍රාවෝ 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී එම තනතුරේ වැඩ ආරම්භ කරනු ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ආබාධයක් හේතුවෙන් ඔහු මේ වනවිට ක්‍රියාත්මක කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්ව සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවන්ගෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර පැය කිහිපයකට පසු කොල්කටා කණ්ඩායම සමඟ මෙම නව ගිවිසුමට එළඹ ඇති බවයි වාර්තා වුණේ.

කොල්කටා නයිට් රයිඩර්ස් උපදේශක ලෙස කටයුතු කළ ගෞතම් ගාම්භීර් එම තනතුරින් ඉවත් වී ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්වීමෙන් පසු එම නයිට් රයිඩර්ස් උපදේශක තනතුර පුරප්පාඩුව පැවතියා.

ඩ්වේන් බ්‍රාවෝ 2024 අයි.පී.එල් තරගවාරයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, දීර්ඝ කාලයක් චෙන්නායි කණ්ඩායමේ නිත්‍ය තුන් ඉරියව් ක්‍රීඩකයා බවට ද ඔහු පත්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56