Empty Ad
Empty Ad
 Empty Ad

චීනය දිගු දුර මිසයිල අත්හදා බලයි

චීනය විසින් දිගුදුර මිසයිල අත්හදා බැලීමක් සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී චීනය පවසා තිබෙන්නේ, පැසිෆික් සාගරයට අයත් ප්‍රදේශයක් තුළ බැලස්ටික් මිසයිලයක් (ICBM) සාර්ථකව අත්හදා බැලීමට හැකි වූ බවයි.

නිවේදනයක නිකුත් කරමින් බීජිං ආරක්ෂක අමාත්‍යාංශය විසින් එය සාමාන්‍ය සහ වාර්ෂික පුහුණුවේ කොටසක් බව පවසා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, මිසයිල වර්ගය සහ එහි පියාසර මාර්ගය අපැහැදිලිව පැවති නමුත් චීන රාජ්‍ය මාධ්‍ය අදාළ රාජ්‍යයන් සඳහා කලින් එය දැනුම් දී ඇති බවයි.

නමුත් අත්හදා බැලීම් දියත් කිරීම පිළිබඳ තම රට දැනුවත් වීමක් නොවුණු බව ජපානය පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?