Wednesday, January 8, 2025
Empty Ad
AFC Banner
AFC Banner

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් බෙදා හැරි පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරයට

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න කිහිපයක් වට්ස්ඇප් සමූහයක් ඔස්සේ දරුවන් අතර බෙදා හැර ඇති බවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් උපකාරක පන්ති ගුරුවරයා ඔක්තෝම්බර් මස 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජයබණ්ඩාර අද (25) දින නියෝග කළා.

මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 49 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙයට පෙර බන්ධනාගාර ගත කරන ලද ජාතික අධ්‍යාපන ආයතනය සැලසුම් අධ්‍යක්ෂකවරයා විසින් සැකකරුට ලබා දුන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් සැකකරුගේ වට්ස්ඇප් සමූහයක් ඔස්සේ දරුවන් වෙත බෙදා හැර ඇති බවත් මෙම සිද්ධිය අනාවරණය වීමෙන් පසු අදාළ වට්ස්ඇප් සමූහය සැකකරු විසින් මකා දමා ඇති බවත් අනාවරණය වී ඇති බැවින් මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කළ යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරින් මෙහිදී කරුණු ඉදිරිපත් කරන කර තිබුණා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් සැකකරුට ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියද මහේස්ත්‍රාත්වරිය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන කර තිබෙනවා.

අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් වූ වැඩිදුර වාර්තා ඉදිරි නඩු දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාධාරණ ඉල්ලු රියදුරුට බණ්ඩාරවෙල පොලීසියෙන් සැලකුව හැටි
10:05
Video thumbnail
දුර සේවා බස්වලින් කප්පම් ගත්තු ඩයල් එකක් මාට්ටු වෙයි
09:46
Video thumbnail
මාලිමා ආණ්ඩුවෙන් කරන්න යන සුපිරිම සැලසුම් ජාලය එළියට - මේක ඇහුවොත් පුදුමත් හිතෙයි
04:34
Video thumbnail
76 අවුරුදු සාපයටම දොස් කියලා තේරුමක් නෑ
02:58
Video thumbnail
හන්දි ගානේ පාරවල් ගානේ බස් නවත්තලා මීඩියා ශෝ දාන්න එපා
06:41
Video thumbnail
මුජිබර් රහුමාන්ට කොහෙද අයිතියක් තියෙන්නේ එහෙම කියන්න ? - කස්සප හිමිට තදවෙයි
16:45
Video thumbnail
ජනපතිගෙන් විශේෂ ප්‍රකාෂයක් - රට ගොඩ ගන්න කරන්න යන වැඩේ හෙළිකරයි
04:31
Video thumbnail
බස් සංගම්වල චණ්ඩි පාට් බස්සපු පොලිස්පති - තව දුරටත් අඛණ්ඩ මෙහෙයුම්
02:21
Video thumbnail
🛑 පාර්ලිමේන්තුව සජීවීව | 2025.01.08 | LIVE
04:33:11
Video thumbnail
ට්‍රම්ප් මිනිස්සුත් එක්ක සල්ලිවලට ඉල්ලන දූපත පැනමා ඇල ආයෙත් ගන්නවා #donaldtrump
19:31

?