ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් බෙදා හැරි පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරයට

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න කිහිපයක් වට්ස්ඇප් සමූහයක් ඔස්සේ දරුවන් අතර බෙදා හැර ඇති බවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් උපකාරක පන්ති ගුරුවරයා ඔක්තෝම්බර් මස 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජයබණ්ඩාර අද (25) දින නියෝග කළා.

මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 49 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙයට පෙර බන්ධනාගාර ගත කරන ලද ජාතික අධ්‍යාපන ආයතනය සැලසුම් අධ්‍යක්ෂකවරයා විසින් සැකකරුට ලබා දුන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් සැකකරුගේ වට්ස්ඇප් සමූහයක් ඔස්සේ දරුවන් වෙත බෙදා හැර ඇති බවත් මෙම සිද්ධිය අනාවරණය වීමෙන් පසු අදාළ වට්ස්ඇප් සමූහය සැකකරු විසින් මකා දමා ඇති බවත් අනාවරණය වී ඇති බැවින් මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කළ යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරින් මෙහිදී කරුණු ඉදිරිපත් කරන කර තිබුණා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් සැකකරුට ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියද මහේස්ත්‍රාත්වරිය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන කර තිබෙනවා.

අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් වූ වැඩිදුර වාර්තා ඉදිරි නඩු දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලන්සාගේ කුඩු ප්‍රශ්නයකට රාජපක්ෂලා අත දැම්ම හැටි වසන්ත හෙළිකරයි..දේශපාලනය පාතාලයට රැකවරණය දුන් හැටි.
13:40
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10


?