නඩු භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් නඩුබඩු කාමරයේ හිටපු භාරකරුවා රක්ෂිත බන්ධනාගාරයට

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් මිලියන 20 ට අධික වටිනාකමින් යුත් විදේශීය රටවල නිෂ්පාදිත මත්පැන් බෝතල් 1194 ක් අස්ථානගතවීමේ සිද්ධියට අදාළව නඩුව කැඳවූ අවස්ථාවේ කොළඹ අපරාධ පරික්ෂණ කොට්ඨාසය වැඩිදුර වර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේ රසපරීක්ෂක වර්තාව අනුව විස්කි බෝතල් ගබඩා කර තිබූ වීදුරු බහලුම් පරිමාව අනුව විදේශීය මත්පැන් බෝතල් 3650ක් ගබඩාකර තබා තිබී ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ හිටපු භාරකරුවා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (25) අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු ලබන ඔක්තෝබර් මස 02 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබෙනවා.

එසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර කරනු ලැබුවේ කළුතර පදිංචි ගැමුණු සම්පත් කුමාර නමැති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු නඩු භාණ්ඩ භාරකරුවායි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලබාදී තිබූ නියෝග සාවද්‍ය ලෙස පරිහරණය කරමින් මෙම සැකකාර පුද්ගලයා එම වංචාව කර ඇති බවට සිදු කරන ලද මූලික විමර්ශනවලදී කරුණු අනාවරණයවූ බවද එම විමර්ශනය නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකාර පුද්ගලයා හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා නඩු භාණ්ඩ කාමරයට මුද්‍රා තබා ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවද එම විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පවසා තිබුණා.

සාවද්‍ය පරිහරණය, හා සාපරාදී විශ්වාසය කඩකිරීම, සොරබඩු පැහැරගැනීම, යන චෝදනා යටතේ හා පොදු දේපළ පනත යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.

සොරාගත් මත්පැන් බෝතල් කීපයක් සාද පැවැත්වීම සඳහා යොදාගෙන ඇති බවත් සෙසු මත්පැන් බෝතල්වලට කුමක් කළේද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බව එම කොට්ඨාශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩී.බී.ජේ නිශාන්ත පෙර නඩු වාරයේදී අධිකරණයට දැනුම්දී තිබුණා.

සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබූ මත්පැන් බෝතල් තොගය නඩු විභාගයෙන් අනතුරුව එම අධිකරණය මගින් රාජසන්තක කර ඇති බවත් මත්පැන් බෝතල් හිමිකරු එම නියෝගයට එරෙහිව මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර ඇති නමුත් එම අධිකරණයද එම නියෝගය අනුමත කර ඇති බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට පෙන්වා දී තිබෙනවා.

මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දී තිබූ නියෝගය තහවුරු කරමින් මහාධිකරණය මගින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත යවන ලද නඩු ගොනුවද අතුරුදන්ව ඇති බව විමර්ශනවලදී පෙනී ගිය බවද එම විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වාදී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12