අබිරහස් මළසිරුරක් ගොඩගන්න ගිය පොලිසියට බඹර ප්‍රහාරයක්

ඌව පරණගම – කොඩකුඹුර ප්‍රදේශයේ දින දෙකකට පෙර සොයාගත් අබිරහස් පිරිමි මළසිරුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසියට නොහැකිව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (24) පෙරවරුවේ දී එම මළසිරුරු තිබූ ස්ථානයට පොලිසිය ගිය අවස්ථාවේ දී මළසිරුරට යාබදව ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී පරීක්ෂණ කටයුතු සඳහා ගිය ඌව පරණගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසකට පහර දී ඇති බවයි.

බඹර ප්‍රහාරයට ලක් වූ පොලිස් නිලධාරින් රෝහල්ගත කර තිබෙනවා.

පසුව පස්වරුවේ බඹරුන් ඉවත් කිරීමෙන් පසුව පොලිසිය පැමිණ අදාළ මියගිය පුද්ගලයාගේ මළසිරුර
පුද්ගලික වැවලි සමාගමකට අයත් තේ වගා ඉඩමෙන් ගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි මීරියකමත – කොඩකුඹුර ප්‍රදේශයේ පදිංචි දින 07කට පෙර අතුරුදන් වූ පුද්ගලයා බවයි හෙළි ව තිබෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ,ඌව පරණගම – අඹගස්දෝව පොලිසියේ තවත් නිලධාරීන් කණ්ඩායමක් යොදවා අද (25) දින, බණ්ඩාරවෙල පොලිසියේ ස්ථානීය නිරීක්ෂණ නිලධාරින් (soco) හා වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් එස්.ඩී සමරකෝන් මහතා ස්ථානීය පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව මෘත ශරීරය වැඩිදුර පරීක්ෂණ සඳහා බදුල්ල ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41