AFC Banner
Empty Ad
Empty Ad

කෘෂිකර්ම ඇමතිත් අමාත්‍යාංශයෙන් එළියට බහියි

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට බාධාවකින් තොරව රාජකාරී කර ගැනීමට සහයෝගය ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා ප්‍රකාශ කරනවා.

මෙතෙක් කල් රාජකාරී කළ කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉවත් ව යෑමට පැමිණි අවස්ථාවේ දීයි හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත්තේ.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ රට යම්කිසි මට්ටමකට මේ වනවිට (24) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති බවත් කෘෂිකර්ම ක්ෂේත්‍රය ද එවැනි ඉහළ මට්ටමකට ගෙන ඇති බවත් ඒ හේතුවෙන් හොඳ යහපත් රටක් නව ජනාධිපතිවරයාට ලබා දී ඇති බවත්; එය කරගෙන යෑමට අවකාශය ඇති බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළා.

කිසිම අයුරකින් සිදු කරන නව වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට බලාපොරොත්තු නොවන බවත්; කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතුවලට නාමල් කරුණාරත්න මහතා බාධා කළ ද; එවැනි දේශපාලනයක් කිසිලෙසක තමන් සතුව නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?