AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් – මැතිවරණ කොමිසමට ලිපියක්

ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව, මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත මෙම දන්වා යැවීම සිදුකර ඇති බව සඳහන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (ඇ) ව්‍යවස්ථාව සහ 1988 අංක 35 දරන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පණතින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

මේ අතර පුරප්පාඩු වී පතවතින එම මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂමන් නිපුණආරච්චි පත් කිරීමට තීරණය කර තිබෙනවා.

අනුර කුමාර දිසානායකගෙන් පසු මනාප ලැයිස්තුවේ මීළඟට පසුවන්නේ ලක්ෂ්මන් නිපුණආරච්චි යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?