AFC Banner
Empty Ad
Empty Ad

පාසල් ළමුන් රැඳී සිටි කඳවුරකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පලස්තීන ජාතිකයින් රැඳී සිටින පාසලක් කේන්ද්‍ර කරගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ; මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ අද (22) පෙරවරුවේ සිය ගණනක් අවතැන් ව රැඳී සිටින අල් – ෂාටි සරණාගත කඳවුරේ පිහිටි කෆ්‍ර් කාසිම් පාසලට බවයි.

ඊශ්‍රායලය එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් අවම 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවටත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

ඊශ්‍රායල හමුදා අද ලෙබනනයට ද ප්‍රහාර 400ක් එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරවල ප්‍රධානතම ඉලක්කය වී තිබුණේ හිස්බුල්ලා හයිෆා නගරය අසල රමට් ඩේවිඩ් කඳවුර බවයි වාර්තා වන්නේ.

යේමනයේ හූතිවරුන්ගේ ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත්තේ ඔවුන් පලස්තීනුවන්ට සහාය දැක්වීම සඳහා ඊශ්‍රායලය ඉලක්ක කර ගැනීමට මීට පෙර භාවිතා කළ හයිපර්සොනික් බැලිස්ටික් මිසයිල සහ පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානා ඇතුළු තවත් බොහෝ මිසයිල දියත් කිරීමට තම කණ්ඩායම සූදානම් වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?