අනුර – සජිත් හැර සෙසු අපේක්ෂකයින් ජනපති සටනින් ඉවතට

මේ වනවිට මනාප සටහනේ පෙරමුණ ගෙන සිටින අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස මහත්වරුන් හැරුණුකොට; ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් ව සිටි අනෙකුත් අපේක්ෂකයින් ජනපති සටනින් ඉවත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව දැනුම්දුන්නා.

ඊයේ (21) පෙරවරු 07 සිට පස්වරු 04 තෙක් පැවැත්වුණු මෙරට 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේ කටයුතුවල තැපැල් ඡන්ද ප්‍රතිඵල සහ මැතිවරණ කොට්ඨාස යටතේ වන ඡන්ද ප්‍රතිඵල ඊයේ මැදියම් රැයේ සිට මේ වනවිටත් නිකුත් වෙමින් පවතිනවා.

එම ප්‍රතිඵල අනුව ඡන්ද සංඛ්‍යාවලින් සෙසු අපේක්ෂකයින් අබිබවා යමින් ජාතික ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරමුණේ පසුවුව ද, ඔහුගේ ඡන්ද ප්‍රතිශතය ජනාධිපති ධුරයට පත්වීම සඳහා මෙතෙක් අවශ්‍ය 52%ක ප්‍රමාණය පූර්ණ වී නැහැ.

මෙතෙක් වාර්තා වූ ඡන්ද ප්‍රතිඵලවලින් අනුර කුමාර දිසානායකට දෙවැනි ව ඇත්තේ සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා යි.

මේ හේතුවෙන් ප්‍රතිශතාත්මක ඡන්ද ගණනයක් පූර්ණ කරගැනීම සඳහා දෙවැනි මනාප ක්‍රමයක් විමසීම සඳහා අවතීර්ණ වීමට සිදු වීමට වැඩි ඉඩකඩක් තිබෙනවා.

කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාවෙන් නිල වශයෙන් දැනුම්දී ඇත්තේ මේ මොහොතේ සිට ‘ දෙවැනි මනාපයක්’ ගණනය කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි.

එම දෙවැනි මනාප ගණනයට ලක් වනුයේ වැඩිම මනාප ලබාගෙන පෙරමුණේ සිටින අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස මහතා පමණක් වන බව ද කොමිෂන් සභාව දැනුම්දුන්නා.

එබැවින් සෙසු ජනාධිපති අපේක්ෂකයින් මෙවර ජනාධිපති සටනින් මෙතැන් සිට ඉවත් කෙරෙනු ඇති.

ජාතික ජන බලවේගය යටතේ ජනාධිපති ධුරයට තරග කරන අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට 39.52%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර සජිත් ප්‍රේමදාස 34.28%ක ප්‍රතිශතයක් වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
1
+1
9
+1
11
+1
1
+1
5
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10
Video thumbnail
මේ වෙනස කරන්නේ ඒකාධිපති ක්‍රමවේදයකට..විශ්වවිද්‍යාල පනතක් නිසා සජිත් කුපිතවෙයි..
05:37
Video thumbnail
රිය අනතුරු වෙද්දි රන්වල බීමතින් ඉදලා නැද්ද...?..තනතුරු නොසලකා නීතීය දැඩිව ක්‍රියාත්මක කරනවා
08:37
Video thumbnail
දිලිත් ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් ගැටඹේ විහාරස්ථානයට තීන්ත හා උපකරණ තොගයක් පරිත්‍යාග කරයි
11:44
Video thumbnail
ආගම දහම තමයි අපිට ප්‍රධානම දේ..ගංවතුරින් හානි වූ ආගමික ස්ථාන ඉක්මනින්ම පිළිසකර කරලා දෙනවා
04:55
Video thumbnail
අශෝක රංවලගේ අනතුරෙන් පසු රෝහලේ උණුසුම් තත්ත්වයක්
00:26
Video thumbnail
අශෝක රංවලගේ අනතුරෙන් පසු රෝහලේ උණුසුම් තත්ත්වයක්..මුන් අපිට ගේට්ටුවෙන් එන්නවත් දෙන්නෑ යකෝ
02:50


?