අනුර – සජිත් හැර සෙසු අපේක්ෂකයින් ජනපති සටනින් ඉවතට

මේ වනවිට මනාප සටහනේ පෙරමුණ ගෙන සිටින අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස මහත්වරුන් හැරුණුකොට; ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් ව සිටි අනෙකුත් අපේක්ෂකයින් ජනපති සටනින් ඉවත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව දැනුම්දුන්නා.

ඊයේ (21) පෙරවරු 07 සිට පස්වරු 04 තෙක් පැවැත්වුණු මෙරට 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේ කටයුතුවල තැපැල් ඡන්ද ප්‍රතිඵල සහ මැතිවරණ කොට්ඨාස යටතේ වන ඡන්ද ප්‍රතිඵල ඊයේ මැදියම් රැයේ සිට මේ වනවිටත් නිකුත් වෙමින් පවතිනවා.

එම ප්‍රතිඵල අනුව ඡන්ද සංඛ්‍යාවලින් සෙසු අපේක්ෂකයින් අබිබවා යමින් ජාතික ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරමුණේ පසුවුව ද, ඔහුගේ ඡන්ද ප්‍රතිශතය ජනාධිපති ධුරයට පත්වීම සඳහා මෙතෙක් අවශ්‍ය 52%ක ප්‍රමාණය පූර්ණ වී නැහැ.

මෙතෙක් වාර්තා වූ ඡන්ද ප්‍රතිඵලවලින් අනුර කුමාර දිසානායකට දෙවැනි ව ඇත්තේ සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා යි.

මේ හේතුවෙන් ප්‍රතිශතාත්මක ඡන්ද ගණනයක් පූර්ණ කරගැනීම සඳහා දෙවැනි මනාප ක්‍රමයක් විමසීම සඳහා අවතීර්ණ වීමට සිදු වීමට වැඩි ඉඩකඩක් තිබෙනවා.

කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාවෙන් නිල වශයෙන් දැනුම්දී ඇත්තේ මේ මොහොතේ සිට ‘ දෙවැනි මනාපයක්’ ගණනය කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි.

එම දෙවැනි මනාප ගණනයට ලක් වනුයේ වැඩිම මනාප ලබාගෙන පෙරමුණේ සිටින අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස මහතා පමණක් වන බව ද කොමිෂන් සභාව දැනුම්දුන්නා.

එබැවින් සෙසු ජනාධිපති අපේක්ෂකයින් මෙවර ජනාධිපති සටනින් මෙතැන් සිට ඉවත් කෙරෙනු ඇති.

ජාතික ජන බලවේගය යටතේ ජනාධිපති ධුරයට තරග කරන අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට 39.52%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර සජිත් ප්‍රේමදාස 34.28%ක ප්‍රතිශතයක් වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
1
+1
9
+1
11
+1
1
+1
5
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12