AFC Banner
Empty Ad
Empty Ad

ඡන්ද මධ්‍යස්ථානය අසල යකා නැටූ සමගියේ දිස්ත්‍රික් සංවිධායක අත්අඩංගුවට

කඹුරුගමුව, මැදගොඩ ඡන්ද මධ්‍යස්ථානය අසල සාමයට බාධාවන පරිදි කටයුතු කළ වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මෙන්ම සමගි ජන සන්ධානයේ මාතර දිස්ත්‍රික් සංවිධායක පුෂ්පකුමාර බැට්ටගේ; කොටවිල පොලිසිය මඟින් අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොටවිල පොලිසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි දසත වාර්තාකරු පැවසුවේ.

කඹුරුගමුව, මැදගොඩ, දේවගිරි විහාරස්ථානයේ පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය භාවිත කිරීම සඳහා පැමිණි පුද්ගලයෙකුට හිටපු සභාපතිවරයා තර්ජනය කර ඇති බවයි වාර්තා වුණේ.

එම පුදගලයා විසින් කොටවිල පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව හිටපු සභාපතිවරයා සාමයට බාධාවන පරිදි කටයුතු කිරීම මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගැනුණු හිටපු සභාපතිවරයා ඇප මත මුදාහැර ඇති අතර, ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් නීති කටයුතු ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?