ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම ගැන ජාත්‍යන්තර මාධ්‍යයෙත් අවධානය යොමුවෙයි(ඡායාරූප)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා වන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු අද (21) පෙරවරු 07 සිට ආරම්භ කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යයේ ද දැඩි අවධානයක් යොමු ව තිබෙනවා.

ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක ප්‍රධාන පුවත් සිරස්තල ගොන්නට ද මෙවර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට අදාළ ව ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවධානය යොමු ව ඇති අයුරු දක්නට ලැබෙනවා.

BBC, REUTERS,CNN සහ ආසියාතික මාධ්‍ය වන NDTV ආදි මාධ්‍යයේ ද මෙරට ජනාධිපතිවරණය වාර්තා කිරීමේ සිදුවීම කැපී පෙනෙනවා.

මෙරට පැවැති ගෝඨා ගෝ ගම ජන අරගලයෙන් පසුව නව නායකයෙකු තෝරා පත් කරගැනීමේ අභිප්‍රාය පෙරදැරි කරගෙන ඡන්ද විමසීම පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍යහි සඳහන් ව ඇත්තේ.

BBC පුවත් සේවය සිය සිරස්තලයෙන් වාර්තා කරන්නේ; ‘Sri Lanka votes in first election since protests ousted president’ යනුවෙන්.

විධායක ජනාධිපතිවරයා ව විරෝධතා මගින් නෙරපා හැරීමෙන් පසුව ශ්‍රී ලංකාව පළමු ජනාධිපතිවරණයට සැරසෙන බවයි එහි සඳහන් වන්නේ.

2022 දී රටේ මෙතෙක් ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය විසින් ජනප්‍රිය වූ මහජන විරෝධතාවලින් නායකයා බලයෙන් පහකිරීමෙන් පසු පළමු මැතිවරණයේ දී ශ්‍රී ලාංකිකයන් නව ජනාධිපතිවරයකු සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් ව සිටිනවා.

අද (21) දිනයේ දී බීබීසී පුවත් සේවය මෙරට ජනාධිපතිවරණය ඡන්ද විමසීම් කටයුතු පුළුල් දේශපාලන තත්ත්වයක් ලෙස වාර්තා කර ඇත්තේ අරගලයකින් පසුව රට යථා තත්ත්වයට පත් කිරීමේ මාවතට ගෙන ඒමට අදහස් කරන ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනමත විචාරණයක් ලෙසයි.

එහෙත් බදු වැඩිකිරීම්, සහනාධාර සහ සුබසාධන කප්පාදුව නිසා බොහෝ දෙනෙක් තවමත් ජීවිතය ගැටගසා ගැනීමට අරගල කරන බව ද බීබීසී පුවත් සේවය පවසනවා.

08 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සම්බන්ධයෙන් ද REUTERS පුවත් සේවය සිය සිරස්තලය වාර්තා කර ඇත්තේ; ”Crisis-hit Sri Lanka votes in crucial election to decide economic future” යනුවෙන්.

ආර්ථික අර්බුදයකින් අනතුරුව ආර්ථිකමය අනාගතය තීරණය කිරීම වෙනුවෙන් මෙවර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි එහි සඳහන් වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25