වෙලේ සුදාගේ නීතිවිරෝධී ගිනි අවි සම්බන්ධ නඩුවක් නොවැම්බ‍ර් තෙක් කල් තැබෙයි

නීතිවිරෝධී අන්දමින් ටී56 ගිනි අවියක් සහ තවත් වර්ගයක ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා යටතේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා පාතාල කල්ලි නායකයෙකු යැයි කියන ගම්පල විතානගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා’ නමැත්තාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන නොවැම්බර් මස 29 වැනිදා තෙක් කල් තැබීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නියෝගය අද (20) දිනයේ දී සිදු කර ඇත්තේ කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා විසින්.

2006 වර්ෂයේ අප්‍රේල් මස 24 වැනිදා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමක දී බොරලැස්ස ප්‍රදේශයේ දී එම ගිනි පොලිස් භාරයට ගත් බව පැමිණිල්ලේ සඳහන්.

මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින එම විත්තිකරුව පොලිස් විශේෂ කාර්‍යය බලකායේ හා විශේෂ බන්ධනාගාර නිලධාරින් කණ්ඩායමකගේ දැඩි ආරක්ෂාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

විත්තිකරු වෙනුවෙන් නීතිඥ අකිල ජයසුන්දර සමග නීතිඥ අසේල මුතු මුදලිගේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?