වෙලේ සුදාගේ නීතිවිරෝධී ගිනි අවි සම්බන්ධ නඩුවක් නොවැම්බ‍ර් තෙක් කල් තැබෙයි

නීතිවිරෝධී අන්දමින් ටී56 ගිනි අවියක් සහ තවත් වර්ගයක ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා යටතේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා පාතාල කල්ලි නායකයෙකු යැයි කියන ගම්පල විතානගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා’ නමැත්තාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන නොවැම්බර් මස 29 වැනිදා තෙක් කල් තැබීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නියෝගය අද (20) දිනයේ දී සිදු කර ඇත්තේ කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා විසින්.

2006 වර්ෂයේ අප්‍රේල් මස 24 වැනිදා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමක දී බොරලැස්ස ප්‍රදේශයේ දී එම ගිනි පොලිස් භාරයට ගත් බව පැමිණිල්ලේ සඳහන්.

මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින එම විත්තිකරුව පොලිස් විශේෂ කාර්‍යය බලකායේ හා විශේෂ බන්ධනාගාර නිලධාරින් කණ්ඩායමකගේ දැඩි ආරක්ෂාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

විත්තිකරු වෙනුවෙන් නීතිඥ අකිල ජයසුන්දර සමග නීතිඥ අසේල මුතු මුදලිගේ පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35