AFC Banner
Empty Ad
Empty Ad

මැතිව්ස් තරගය අතරතුර ආබාධයකට ලක් වී යළි ක්‍රීඩාගාරයට

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් ආබායකට ලක් ව තිබෙනවා.

ඒ මේ වනවිට (18) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන නවසීලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේදීයි.

තෙවැනි කඩුල්ලට පිටියට පිවිසි ඇන්ජිලෝ මැතිව්ස් ක්‍රීඩාගාරයෙන් ඉවත් වන විට නොදැවී ලකුණු 12ක් ලබාගෙන සිටියා.

ඔහු පන්දුවට පහරදෙන අවස්ථාවේදී ඔහුගේ දකුණතෙහි දබරැඟිල්ලෙහි පන්දුවක් වැදීමෙන් ඔහු ආබාධයට ලක් වුණා.

O’Rourke යොමු කළ පන්දුවක් මෙලෙස මැතිව්ස්ගේ ඇඟිල්ලෙහි ගැටුණු අතර එවිගස ම ඔහුගේ ඇඟිල්ලට ප්‍රතිකාර කිරීමෙන් පසුව ද ඔහු පන්දුවට පහරදීම ඇරඹුවා.

එහෙත් ඇඟිල්ලෙන් මතු වූ වේදනාව හේතුවෙන් ඔහු ක්‍රීඩාගාරයෙන් ඉවත් වීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔහු වෙනුවෙන් පන්දුවට පහරදීමට පැමිණියේ කමිඳු මෙන්ඩිස්.

මේ වනවිට තරගය දිවා ආහාරය සඳහා නතර කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 88ක් ලබා සිටිනවා.

පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දැවී ගිය අතර දෙවැනි කඩුල්ලට හසු වූයේ පැතුම් නිස්සංකයි.

ඒ O’Rourke යොමු කළ පන්දුවලටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?