මැතිව්ස් තරගය අතරතුර ආබාධයකට ලක් වී යළි ක්‍රීඩාගාරයට

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් ආබායකට ලක් ව තිබෙනවා.

ඒ මේ වනවිට (18) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන නවසීලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේදීයි.

තෙවැනි කඩුල්ලට පිටියට පිවිසි ඇන්ජිලෝ මැතිව්ස් ක්‍රීඩාගාරයෙන් ඉවත් වන විට නොදැවී ලකුණු 12ක් ලබාගෙන සිටියා.

ඔහු පන්දුවට පහරදෙන අවස්ථාවේදී ඔහුගේ දකුණතෙහි දබරැඟිල්ලෙහි පන්දුවක් වැදීමෙන් ඔහු ආබාධයට ලක් වුණා.

O’Rourke යොමු කළ පන්දුවක් මෙලෙස මැතිව්ස්ගේ ඇඟිල්ලෙහි ගැටුණු අතර එවිගස ම ඔහුගේ ඇඟිල්ලට ප්‍රතිකාර කිරීමෙන් පසුව ද ඔහු පන්දුවට පහරදීම ඇරඹුවා.

එහෙත් ඇඟිල්ලෙන් මතු වූ වේදනාව හේතුවෙන් ඔහු ක්‍රීඩාගාරයෙන් ඉවත් වීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔහු වෙනුවෙන් පන්දුවට පහරදීමට පැමිණියේ කමිඳු මෙන්ඩිස්.

මේ වනවිට තරගය දිවා ආහාරය සඳහා නතර කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 88ක් ලබා සිටිනවා.

පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දැවී ගිය අතර දෙවැනි කඩුල්ලට හසු වූයේ පැතුම් නිස්සංකයි.

ඒ O’Rourke යොමු කළ පන්දුවලටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17