ගැටලුවක් වී තිබූ ටෙස්ට් කණ්ඩායමේ නොම්බර 03 ස්ථානයට චන්දි (වීඩියෝ)

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට (18) ආරම්භ වනවා.

හෙට ආරම්භවන පළමු තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ අංක තුන ස්ථානයේ දිනේෂ් චන්දිමාල් පන්දුවට පහරදෙන බවයි කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය පැවසුවේ.

අද (17) පැවති මාධ්‍ය හමුවක දී සනත් ජයසූරිය මේ බව සඳහන් කර සිටියා.

එමෙන්ම හෙට ආරම්භවන පළමු තරගයේ දී ශ්‍රී ලංකා පිළේ කඩුලු රකින ක්‍රීඩකයා low middle order ක්‍රීඩකයෙක් ලෙස පන්දුවට පහරදෙන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ අංක 03 පිතිකරු සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ වැඩි කතාබහක් මතුව ආවේ මෙතෙක් එම ස්ථානයේ ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් අසාර්ථකවීම හේතුවෙන්.

ඒ, අනුව නවසීලන්ත තරගවලියේ දී කුසල් මෙන්ඩිස් නොම්බර 07 ස්ථානයේ (Low middle order) පන්දුවට පහර දී කඩුලු රකිනන්නා ලෙස යොදාගැනීමටයි ශ්‍රී ලංකා කාණ්ඩයමේ සැලසුම වී ඇත්තේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් වන දිනේෂ් චන්දිමාල් වගකීමක් ගෙන පිතිකරණ ලැයිස්තුවේ ඉහළට පැමිණ අංක තුන ස්ථානයේ ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
13
+1
1
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?