ගැටලුවක් වී තිබූ ටෙස්ට් කණ්ඩායමේ නොම්බර 03 ස්ථානයට චන්දි (වීඩියෝ)

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට (18) ආරම්භ වනවා.

හෙට ආරම්භවන පළමු තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ අංක තුන ස්ථානයේ දිනේෂ් චන්දිමාල් පන්දුවට පහරදෙන බවයි කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය පැවසුවේ.

අද (17) පැවති මාධ්‍ය හමුවක දී සනත් ජයසූරිය මේ බව සඳහන් කර සිටියා.

එමෙන්ම හෙට ආරම්භවන පළමු තරගයේ දී ශ්‍රී ලංකා පිළේ කඩුලු රකින ක්‍රීඩකයා low middle order ක්‍රීඩකයෙක් ලෙස පන්දුවට පහරදෙන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ අංක 03 පිතිකරු සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ වැඩි කතාබහක් මතුව ආවේ මෙතෙක් එම ස්ථානයේ ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් අසාර්ථකවීම හේතුවෙන්.

ඒ, අනුව නවසීලන්ත තරගවලියේ දී කුසල් මෙන්ඩිස් නොම්බර 07 ස්ථානයේ (Low middle order) පන්දුවට පහර දී කඩුලු රකිනන්නා ලෙස යොදාගැනීමටයි ශ්‍රී ලංකා කාණ්ඩයමේ සැලසුම වී ඇත්තේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් වන දිනේෂ් චන්දිමාල් වගකීමක් ගෙන පිතිකරණ ලැයිස්තුවේ ඉහළට පැමිණ අංක තුන ස්ථානයේ ක්‍රීඩා කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48