AFC Banner
Empty Ad
Empty Ad

පාසල් ළමුන් රැගත් බස් රථයක් අනතුරට ලක් වෙයි

ගම්පොළ – නුවරඑළිය මාර්ගයේ බස් රථයක් අනතුරකට ලක් ව තිබෙනවා.

ඊයේ (16) රාත්‍රියේ දී මෙම අනතුර සිදු ව ඇති බවයි පැවසෙන්නේ.

ගම්පොළ – නුවරඑළිය මාර්ගයේ පලාගොල්ල ප්‍රදේශයේ දී මෙම අනතුරට ලක් ව ඇත්තේ පාසල් ළමුන් පිරිසක් සමග විනෝද චාරිකාවක නිරත වූ බස් රථයක් බවයි වාර්තා වන්නේ.

අධික වේගයෙන් පැමිණි බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක් ව තිබෙනවා.

අනතුරින් බස් රථයේ සිටි පාසල් දරුවන්ට හෝ ගුරුවරුන්ට බරපතළ තුවාල සිදු ව නොමැති අතර සුළු තුවාල හේතුවෙන් ඔවුන්ව රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?