නිවසකින් හමු වුණු ත්‍රෛලෝක විජයපත්‍ර කිලෝ ගානක් පොලිස් භාරයට – වටිනාකම මිලියන 37 පනියි

නිවසක් තුළ සඟවා තිබූ කේරළ ගංජා තොගයක් පොලිස් විශේෂ කාර්‍යය බලකාය සිය භාරයට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කිලිනොච්චිය – පලෛ පොලිස් වසමේ වත්තිරායන් ප්‍රදේශයේ නිවසක කිලෝග්‍රෑම් 95කට අධික බරකින් යුත් මෙම ගංජා තොගය සොයා ගැනුණු බවයි.

සිද්ධියට සැකපිට කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය වයස අවුරුදු 35 ක් වන පලෙයි ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 37කට අධික වෙතැයි විශ්වාස කෙරෙන බවයි වාර්තා වන්නේ.

කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්‍යය බලකායට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් කාන්තාව සහ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පලෛ පොලිසිය වෙත භාර කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16
Video thumbnail
සජිත් රණවිරුවන් සිහිකරලා පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි - මටත් මගේ තාත්තා අහිමි වුණේ යුද්දය නිසා
11:42
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55