AFC Banner
Empty Ad
Empty Ad

නිවසකින් හමු වුණු ත්‍රෛලෝක විජයපත්‍ර කිලෝ ගානක් පොලිස් භාරයට – වටිනාකම මිලියන 37 පනියි

නිවසක් තුළ සඟවා තිබූ කේරළ ගංජා තොගයක් පොලිස් විශේෂ කාර්‍යය බලකාය සිය භාරයට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කිලිනොච්චිය – පලෛ පොලිස් වසමේ වත්තිරායන් ප්‍රදේශයේ නිවසක කිලෝග්‍රෑම් 95කට අධික බරකින් යුත් මෙම ගංජා තොගය සොයා ගැනුණු බවයි.

සිද්ධියට සැකපිට කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය වයස අවුරුදු 35 ක් වන පලෙයි ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 37කට අධික වෙතැයි විශ්වාස කෙරෙන බවයි වාර්තා වන්නේ.

කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්‍යය බලකායට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් කාන්තාව සහ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පලෛ පොලිසිය වෙත භාර කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?